මාළුපාන් ගෙඩියෙන් ලයිටරයක් මතුවෙයි

Published in පුවත්
Wednesday, 08 January 2025 20:58

පානදුර ප්‍රසිද්ධ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමුව තිබේ.

පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මංජුල පෙරේරා මහතා අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට ලබාදීම සඳහා අදාළ හෝටලයෙන් මාළු පාන් ගෙඩි දෙකක් මිළදී ගෙන ඇත.

එහිදී, සිය බාල පුතු කෑම ගත් මාළු පාන් ගෙඩියේ තිබී ලයිටරයක ලෝහමය කොටසක් හමුව තිබේ.

ඒ මොහොතේම මංජුල පෙරේරා මහතා ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාව මේ බව දැනුවත් කර ඇතත් ඔහු පවසා ඇත්තේ, අද දිනයේ තමන් නිවාඩු බවත්, පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත සිය ගැටලුව දැනුම්දෙන ලෙසත්ය.

ඒ අනුව පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ගොස් මේ බව පැවසුවද සිය පැමිණිල්ල භාර නොගෙන තමන්ව ආපසු හරවා එවූ බව මංජුල මහතා පවසයි.

එමෙන්ම ඔහුට එහිදී නිලධාරීන් පවසා ඇත්තේ එම හෝටලය පානදුර නගර සභා සීමාවේ ඇති හෝටලයක් බැවින් ඒ සම්බන්ධයෙන් නගර සභාවට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දෙන ලෙසය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us