පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ - විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Published in පුවත්
Thursday, 09 January 2025 10:02

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

මේ අතර 2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දින සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වා පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ද 25 වන දින පස්වරුවේ සිදුවනු ඇත.

පෙබරවාරී මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇත.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට අදාළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති අදාළ පනත් කෙටුම්පත පසුගියදා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමි වේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us