ඉන්දීය ධීවරයෝ අපේ මුහුදේ බරටම වැඩ

Published in පුවත්
Wednesday, 08 January 2025 10:33

වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව ඉන්දීය ධීවරයන් මෙරට උතුරු මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ ප්‍රවණතාව වැඩි වී ඇති බව යාපනය ධීවර සංගම් චෝදනා කරයි.



ඉන්දු-ලංකා ධීවර ගැටලුව විසඳීම තවදුරටත් කල් දමන්නේ නම් උතුරේ ධීවරයන් යාපනයේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට නුදුරේදීම අඛණ්ඩ විරෝධතාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔවුහු පවසති.

යාපනය ධීවර සම්මේලනයේ උප සභාපති අන්තෝනි පිල්ලෙයි ප්‍රැන්සිස් රත්නකුමාර් මහතා යාපනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවේ පසුගිය ආණ්ඩුව කාලයේ ඉන්දීය ධීවර බෝට්ටු මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කිරීම යම් තරමකින් සීමාවී තිබුණත් වර්තමානයේ එම ආක්‍රමණ තවත් වැඩිවී ඇති බවයි.

වත්මන් ධීවර අමාත්‍යවරයාට අමුතුවෙන් තම ගැටලු කිවයුතු නැති බව කී රත්නකුමාර් මහතා ජනාධිපතිවරයාගේ සෘජු මැදහත් වීම මත ඉන්දු-ලංකා ධීවර ගැටලුව විසඳීම සිදුකළ යුතු බවද අවධාරණය කළේය. එසේ නොවුණහොත් නුදුරේදීම උතුරේ ධීවරයන් සියලුදෙනා යාපනය ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී අඛණ්ඩ විරෝධතාවක් පවත්වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

උතුරු මුහුදු සීමාවේ ඉන්දීය ධීවර බලපෑම ඉහළ ගොස් ඇති බවට එම ධීවර සංගම් චෝදනා කළද එසේ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ අනුව 2024 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය කාලය තුළ මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කළ ධීවරයින් 546ක් සමඟ බෝට්ටු 72ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශකවරයා  පැවසීය.

එසේම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තම ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් තමිල්නාඩු රාමේෂ්වරම් ප්‍රදේශයේ ධීවරයින් පසුගිය දෙසැම්බර් මාසයේ සංකේත වැඩ වර්ජනයක් ද  ආරම්භ කළහ.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා ධීවරයන් සහෝදරයන් ලෙස සලකන්නේ නම් තම මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු නොකරන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා කළ විමසීමකදී මන්නාරම දිස්ත්‍රික් ධීවර සංගමයේ ලේකම් සහ උතුරු පළාත් ධීවර සංගම ප්‍රකාශක නූර් මොහොමඩ් අලාම් ප්‍රකාශ කර තිබේ. 

Last modified on Wednesday, 08 January 2025 10:40

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us