ඉරාකයේ කුර්දිස්තාන් ප්‍රාන්තයේ, යුද හමුදා බලපෑමට ලක්ව සිටි බව පැවැසෙන ශ්‍රී ලාංකිකයන් ගෙන් දස දෙනෙක් ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙති.


අන්තර් ජාතික විශේෂඥයින් තිදෙනා පත් කළේ රජය ආරක්ෂා කිරීමේ අරමුණෙන් බවට බවට  එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය බැහැර කරන කැබිනට් ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා,  එය ද්වේශ සහගතව කළ ප්‍රකාශයක් බවකියා සිටියි.

ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමැති සහ යළිත් වරක් එජනිස යෙන් මහ ඇමැති තනතුරට තරඟ කරන ශෂීන්ද්‍ර රාජපක්ෂ වැල්ලවාය ප්‍රදේශයේ වයස 60 පැන්න කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා බෙදා ඇතැයි වාර්තා වේ.

පුජ්‍ය වටරැක විජිත ස්වාමීන් වහන්සේ හදිසි ශල්‍යකර්මයක් සදහා අද (14 ) වැනිදා දහවල් හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

ඊශ‍්‍රායල ප‍්‍රහාර හේතුවෙන් පීඩාවට පත්ව සිටින පලස්තීන ජනතාවට මූල්‍ය සහනාධාර පිරිනැමීමට ශී‍්‍ර ලංකාව පියවර ගෙන ඇත.

ප්‍රවීණ රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී මහත්මියගේ දේහය  අද (14) පෙරවරු 10.00 සිට සවස 4.00 දක්වා කොළඹ කලාභවනේ තැන්පත් කර තිබේ. 

තම ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් ගෙන ගිය වෘත්තීය කි‍්‍රයාමාර්ගයට බලධාරීන් යහපත් ප‍්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රෝහල් කනිෂ්ඨ සේවකයෝ  සූදානම් වෙති. 
ඌව පළාත් සභා මැතිවරණයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් සදහා ජාතික හැඳුණුම්පත් සහ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන විශේෂ හැඳුණුම්පත් ලබාදීමේ ජංගම සේවාවේ පළමු අදියර 2014 අගෝස්තු 19 සිට 23 දක්වා බදුල්ල දිස්ත්‍රික්කයේ දී පැවැත්වේ.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us