subash

subash

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පාර්ශ්ව තුනක්, සජිත් ප්‍රේමදාස - රනිල් වික්‍රමසිංහ හා කරූ ජයසූරිය වෙනුවෙන් පෙනී සිටීම මේ වන විට පක්ෂ අභ්‍යන්තරයේ නොවිසඳුනු ගැටලුවක්ව තිබුණද එළඹෙන සතිය තුල එජාපයේ ඒකමතික තීරණයක් ලෙස අපේක්ෂකයා නම් කිරීම සිදු වෙනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ල‍තෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් හොර රහසේ පැමිණෙන්නන්ය. කල්ලතෝනි ප්‍රශ්නය ස්වදේශික ජනතාවට මහත් පිලිලයක් වෙයි. කිසිදු අවසර පත්‍රයකින් තොරව පැමිණෙන කල්ලතෝනින් පැල පදියම් වන ප්‍රදේශවල විවිධ වෘත්තීන්වල නිරත වෙයි. අනතුරුව ඔවුන් එම ප්‍රදේශවලම ගල් විය.

මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹ තිබේ.  ඒ වෙනුවෙන් අපේ සුභපැතුම්ද මෙසේ එකතු කර සිටිමු.  නාමල් රාජපක්ෂ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.  ඔහු යැපෙන්නෙ ඉන් ලද ආදායමෙනි. කොහොම නමුත් මන්ත්‍රීවරයකු වූ ඔහු 2010 සිට හම්බ කරගත් යමක් සිය පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගැනීම වෙනුවෙන් ඉතිරි කරගෙන ද ඇති බැව් කල්පනා කළ හැකිය. යහපත් ස්වාමිපුරුෂයකු ලෙස පවුලේ දියුණුව තකා අරපිරිමැස්මෙන් සකසුරුවමින්  වැඩ කරන එක අපේ ශ්‍රීලාංකීය සංස්කෘතිය අනුව ඉහළින්ම වර්ණනාවට භාජනය වන්නකි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ වන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමැති රාජිත සේනාරත්න පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස කරූ ජයසුරියගේ සහ සජිත් ප්‍රේමදාසගේ ඉදිරිපත් වීම් දෙකම පිළිගෙන ඇති අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට ඒ වෙනුවෙන් සපුරා ලිය යුතු කොන්දෙසි වෙන වෙනම පනවා ඇත.

“ත්‍රස්තවාදය පැසවන තුවාලයක් බවට පත්ව තිබේ. එය, මනුෂ්‍යත්වයේ සතුරෙකි”- අතාල් බිහාරි වාජ්පායි

ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් සහ මැතිවරණ අතරේ සම්බන්ධතාවක් තිබේද? ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැඩියෙන් දක්නට ලැබෙන දකුණු ආසියාවේ අතීත වාර්තා පෙන්නුම් කරන්නේ, මැතිවරණයකට ආසන්න වකවානුව තමන්ගේ ක්‍රියාකාරීත්වයන් සඳහා වන අනගි අවස්ථාවක් වශයෙන් ත්‍රස්තවාදීන් සලකන බව ය.

යහපාලන ආණ්ඩුව පත් වී ඒ ජයග්‍රහණයේ උණුසුම යන්නට පෙර යහපාලකයො සිය වල්ගය පාගා ගත්තේය. ඒ ගාලුවරායෙ නීති විරෝධී අවි සඟවා තිබෙන නැවක් ගැන කියමිනි. යම් හෙයකින් රාජපක්ෂවරු පරාජයට පත් වුවහොත් එම අවි ආයුධ පාවිච්චියට ගනිමින් යළි රටේ බලය ඇල්ලීම සඳහා කුමන්ත්‍රණයක් දියත් තිබූ බවත් මේ නැව ගැන කියන කතා අස්සේ ආණ්ඩුවෙ මැති ඇමැතිවරු පවා කියන්නට ගත්තහ. මෙය ජාත්‍යන්තර අවි ජාවාරමක කොටසක් බවත් කීවෝය.

ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අටදෙනා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

 ඊයේ ඩී ඒ රාජපක්ෂ සොහොන් නඩුවෙන් පැන යැමට ගත් උත්සාහය වැරදී ගියද අද දින ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගැලවී යාමට පොටක් පාදා ගැනීමට නන්දසේන ගෝඨාභයට හැකිව තිබේ. නන්දසේන මේ සෑම විටම අවධාරණය කර කියන්න තනන්නේ තමන් පුහුල හොරකම් කළාට කරේ අළු තිබීමෙන් පමණක් තමන් හොරකමක් කළ බව ඔප්පු කළ නොහැකි බවය.

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නන්දසේන ගෝඨාභයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනාවෙන් ගැලවීම සඳහා නන්දසේන ගෝඨාබය දිගින් දිගටම අධිකරණය මඟ හරීමට ගත් සියලු උත්සාහයන් මේ වන විට අසාර්ථකව තිබේ.

Connet With Us