subash

subash

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබෙන නන්දසේන ගෝඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකdශය නුදුරේම එළි දැක්වීමට කටයුතු යොදමින් තිබියදී නන්දසේනගේ ' වියත්මඟ' ජාතිවාදී මිලිටරි ජුන්ටාව විසින්ද නන්දසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලෙස ලියවිල්ලක් ලබන 08 වෙනිදා ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වේ.

ඊයේ (30) සවස අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ ප්‍රධානින්ගේ ‍රැස්වීමේදී එළඹෙන සැප්තැම්බර් 6 වෙනි දින තමන්ගේ තීරණය ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ගේ තීරණය දැනුම් දෙන බව අගමැතිවරයා පක්ෂ ප්‍රධානින්ට පොරොන්දු වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ සමානාත්මතාවය සමග රට සංවර්ධනය කරා ගෙන යාමට රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනපති පවසයි.

පසුගිය දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් අගමැති රනිල් වික්‍රමසිංහත් අතර ඇති වූ රහසිගත සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ.

කහකඩධාරී මැදගොඩ අභයතිස්ස පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් කරනු ලැබීය. ඒ මෙසේය, 

ඇමැති මංගල සමරවීරගේ මුදල් අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගනනාවක් සහ ඇමැති කබීර් හශීම්ගේ අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගන්නාවාක් ඉවත් කර ඒවා ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ලගේ අමාත්‍යංශයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද උදැසන දන්වා ඇතැයි දැන ගැනිමට තිබේ.

හම්බන්තොට,මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් 33.9 ක රජය මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නිතිපතිවරයා විසින් කර තිබෙන නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය නියම කර තිබේ.

තවත් මාස තුනකින් පමණ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණයේ උණුසුම් මේ වන විටත් වෙනදා ජනාධිපතිවරණයක් ආසන්නයෙ තිබු උණුසුමට වඩා වැඩිය. අතිශයින්ම තරගකාරී ස්වභාවයක් ගෙන තිබේ. තරගයට දමන අශ්වයා පිළිබඳ සංවාද විසංවාද පසුගිය මාස ගනනාවක් තිස්සේ පැවැත්විනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක පසුගියදා සිදු කළ සාකච්ඡාවේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට මාධ්‍ය වර්තා පළවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීම වහාම සිදු විය යුතු බවට සෘජුවම ප්‍රකාශ කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලියවිල්ලකට අත්සන් තැබීමේ කටයුත්ත ඊයේ රාත්‍රියේදී සිදු විය.

Connet With Us