සිරිසේන සමඟ කුමන්ත්‍රණ කළේ කාගෙන් අහලද ? රනිල්ටත් විනය පරීක්ෂණයක්

Published in පුවත්
Thursday, 29 August 2019 16:00

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ රවී කරුණානායක පසුගියදා සිදු කළ සාකච්ඡාවේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවට මාධ්‍ය වර්තා පළවී තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන සාකච්ඡාවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ ආරාධනයෙන් රනිල් වික්‍රමසිංහ  සහභාගි වූ බව  රවි කරුණායක මාධ්‍යයට පවසා ඇත.

ජනාධිපතිවරණයට මාස කිහිපයක් තිබියදී හදිස්සියෙම ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට මතක් වීම කුහුල දනවන පුවතකි.

ජනාධිපතිවරණය සඳහා ජයග්‍රහණය කළ හැකි එජාපය ශක්තිමත් අපේක්ෂකයකු ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කිරීමට දැඩි ඉල්ලීමක් පක්ෂය වෙතින්ම පැන නැගි ඇති මොහොතක එජාප නායකයා ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ හදිස්සියෙම රහසේ කටයුතු කිරීම එජාපයේ මැති ඇමැතිවරුන්ට බරපතල ප්‍රශ්නයක්ව තිබෙන බව එජාප මැති ඇමැතිවරුන් පවසයි.

එසේම පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තු කණ්ඩායමේ හෝ අනුමැතියකින් තොරව එවැනි සාක්ච්ඡාවක් පැවැත් වීම ගැන රනිල් වික්‍රමසිංහගෙන් කරුණු විමසමින් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ඇමැති සුජීව සේන සිංහ මේ වන විටත් එජාප මය ලේකම්වරයාට ලිපියක් යොමු කර තිබේ.

පසුගියදා සුජීව සේනසිංහ හා අජිත් පී පෙරේරා යන ඇමැතිවරුන්ට පක්ෂයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරණය ගැන කරුණු දැක්වූවා යැයි විනය පරීක්ෂණයකට කැඳවීම එජාප මහ ලේකම් අකිල විරාජ් විසින් සිදු කර තිබිණි.

unp let 1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us