සජිත්ව අපේක්ෂකයා කළ යුතුයි ! එජාප මන්ත්‍රීන් 62 ක් ලිඛිතව රනිල්ට දන්වයි Featured

Published in පුවත්
Thursday, 29 August 2019 13:28

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස නම් කිරීම වහාම සිදු විය යුතු බවට සෘජුවම ප්‍රකාශ කරමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලියවිල්ලකට අත්සන් තැබීමේ කටයුත්ත ඊයේ රාත්‍රියේදී සිදු විය.

ඊයේ රාත්‍රියේ ඇමැති මංගල සමරවීරගේ කොළඹ නිවසේදී එජාප මන්ත්‍රීවරු 33 දෙනෙකු රැස්වූ අතර එම සාකච්ඡාවල ප්‍රතිපළයක් ලෙස සජිත් ප්‍රේමදාස ජනාධිපති අපෙක්ෂ්කයා ලෙස පත් කළ යුතු බවට වන නිශ්චිත ප්‍රකාශයක් සහිත ලියවිල්ලක් අත්සන් කර එජාප නායකයා වෙත භාර දීමට යෝජනා වී තිබේ. මේ අනුව ඊයේ රාත්‍රියේම එම හමුවට පැමිණ සිටි මන්ත්‍රීවරු 33 දෙනාම ඊට අත්සන් තැබූ අතර අද දිනයේදී දහවල් වන විටත් අත්සන් 50 කට වැඩි ප්‍රමාණයක් එම ලියවිල්ලට ඇතුලත්ව තිබේ. මේ සඳහා මුලින්ම අත්සන් තබා ඇත්තේ මලික් සමරවික්‍රම, මංගල සමරවීර, කබීර් හශීම්, රංජිත් මද්දුම බණ්ඩාර, තලාතා අතුකොරල, එරාන් වික්‍රමරත්න රවීන්ද්‍ර සමරවීර ආදී එජාපයේ ප්‍රබලයන් ගනනාවකි. අද දිනයේ මෙම ලියවිල්ලට ඉතිරි අත්සන් එකතු කර ගැනීමේ කටයුතු ඇමැති සුජීව සේනසිංහ හා අජිත් පී පෙරේරා විසින් සිදු කරමින් තිබේ.

මීට පෙර සතියේදී එජාප අපේක්ෂකයා, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර කැමැත්තෙන් ‍තෝරා ගත යුතු බවට මන්ත්‍රීවරු 58 දෙනෙකු ලියවිල්ලක් අත්සන් කර එජාප නායකයා වෙත් බාර දුන්නද ඔහු එය නොතකා හැර තිබේ. එම නිසා මෙවර සෘජවම අපේක්ෂකයා නම් කරමින් එජාප නායකයා වෙත මෙම ලියවිල්ල හෙට දිනයේදි බාර දිමට අපේක්ෂා කරයි. එදා එම ලියවිල්ලට අත්සන් කළ 58 දෙනාට අයත් නොවු මන්ත්‍රීවරු 4 දෙනෙකුද ඊයේ රාත්‍රීයේදී මෙම නව ලියවිලට අත්සන් කර තිබිණි.

පාර්ලිමේන්තුව තුල එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ගනන 77 කි. මෙම පිරිගෙන් 60 කට වැඩි පිරිසක් සජිත් ප්‍රේමදස එජාප අපෙක්ෂකයා විය යුතුය යන දැඩි මතයක පසුවෙයි. එමෙන්ම එක්සත් ජාතික පෙරමුණු සන්ධානය නියොජනය කරන මන්ත්‍රීවරු ගනනාවක්ම සජිත් ප්‍රේමදාස අපෙක්ෂකයා විය යුතු මතයේ සිටී. විශේෂයෙන්ම රාජිත සේනාරත්න සහ චම්පික රණවක ද සජිත් ප්‍රේමදාස ජනාධිපති අපෙක්ෂක්යා වීම සම්බන්ධයෙන් සිය එකඟත්වය ද පළ කර තිබේ.
මේ අනුව ආණ්ඩුපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමෙන් හතරෙන් තුනකට වඩා වැඩි බහුතරකගේ ඉල්ලීම වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා විය යුතු බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us