subash
ඇලෝසියස්ගේ රවීගේ සහ නන්දසේනගේ ඩබල් ගේම් මව්බිම පුවතින් පසු එළියට
අද මව්බිම පුවත් පත අද ප්‍රධාන සිරස්තලය ලෙස සඳහන් කරන්නේ බැඳුම්කරේ මිලියන හැත්තෑපහක් රනිල්ගේ ගෙදරටම ගිහින් දුන්නා - ඇලෝසියස් "මව්බිමට" කියයි මැයෙන් යුතු පුවතය. ඒ අනුව විවාදාත්මක මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනුවේ ප්‍රධාන චුදිතයා වන අර්ජුන් ඇලෝසියස් එජාප නායක රනිල් වික්‍රමසිංහට රුපියල් මිලියන 75 ක මුදලක් ඔහුගේ අතටම බාර දී ඇතැයි පැවසේ. ඒ 2015 ජුලී 23 වන දිනය.
පාදඩයන් වේදිකාවට නංවා ගෝඨාගේ තරුණ සමුළුව අල කළේ කවුද?
ඊයේ(24) පැවැති පොදුජන පෙරමුණේ තරුණ සමුළුවේ ප්‍රධාන නිවේදකයන් ලෙස මුල්‍ය අපරාධ චෝදනා සහ වෙනත් අපරාධ චෝදනා එල්ල වී ඇති දිළුම් අමුණුගම සහ සේනානි සමරනායක නැමැති දෙදෙනාව සහභාගී කරවීම සිතා මතාම සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි ගෝඨාභය පාර්ශ්වයේ මිලිටරි පාර්ශ්වකරුවන් පිරිසක් එම සංවිධාන කටයුතු සිදු කළ අයට චෝදනා කර තිබේ.
මහරගම බංගලාවක, ජනපති අපේක්‍ෂකයෙක් සහ ජනපති සොයුරෙක් රහස් කතාවක
ජනාධිපති සොහොයුරෙකුට අයත් මහරගම විද්‍යාකර මාවතේ පිහිටි සුපිරි බංගලාවක මේ මොහොතේ ( 24 රාත්‍රියේ) රහස් සාකච්ඡාවක් සිදුවෙමින් තිබේ. ඒ ජනාධිපති අපේක්ෂකයකු ලෙස පසුගියදා නම් කරල ලද තැනැත්තා එම නිවසට පැමිණ ඇත්තේ ජනාධිපති සොයුරාගේ මාර්ගයෙන් ජනාධිපතිවරයාගේ සහයෝගය ආයාචනා කිරීමට බව දැනට දැන ගැනිමට ඇති තොරතුරුය.
සජිත් කියන්නේ රනිල්ගේ දේශපාලන භාවිතාවේ සුපිරිම ප්රථිපලයයි
එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් බොහෝ වාමාංශික කියවීම් වල ඇත්තේ එය ලිබරල් නැතිනම් නව ලිබරල් දේශපාලන පක්ෂයක් බවය. නමුත් මෙය අර්ධ සත්‍යයකත් අර්ධ සත්‍යයයකි. එක්සත් ජාතික පක්ෂය ලිබරල් ගතිගුණැතිව සිටින බව පෙන්විය හැකිවාක් මෙන්ම ඒහා සමානව අනෙකුත් දේශපාලන පක්ෂවලද මේ ලිබරල් ගතිගුණ දකින්නට ලැබේ. වාමාංශික පක්ෂ පවා අද ලිබරල් දේශපාලනය විසින් ඉල්ලා සිටිනු ලබන ඉලක්ක ඔස්සෙ පෙළ ගැසී තිබේ.
කහකඩ මුග්ධයන්, මේ රටට කොඩිවිනයක් කියන්නේ නිකම් නොවේ.
මිනිසුන්ගේ ආගම ඇදහීමේ නිදහස එකකි. එහෙත් ආගමික බලහත්කාරය තව එකකි. මේ රටේ මෑත දේශපාලන ඉතිහාසය සලකා බැලීමේ දී රටේ පැවතිය යුතු සාමය සමාදානය කෙලසා දැමුවේ කහකඩධාරී මුග්ධ පූජක පැලැන්තිය බව අවධාරණයෙන් කිව යුතුය. රටට අද මහ කොඩිවිනයක්ව තිබෙන්නෙ මේ මුග්ධ කහකඩධාරීන්ගේ ත්‍රස්තවාදී බලහත්කාරයයි.
අමරිකාවේ සහය ගන්න SOFA - ACSA ගිවිසුම් වලට ගෝඨා එකඟවේ.
ගෝඨාභයගේ අමරිකානු පුරවැසිභාවය ඉවත් කරන්නේ යෝජිත SOFA සහ ACSA ගිවිසුම් දෙක අත්සන් කිරීම සඳහා හා ඔහු එකඟවන්නේ නම් පමණක් බවට අප විසින් හෙළිදරව් කරන ලද පුවත සනාත වන තොරතුරු ගනනාවක් අප වෙත ලැබී තිබේ,
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොකඩවා වසර 25ක් තිස්සෙ හොබවමින් සිටින රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ගමනෙහි අවසන් පරිච්ඡේදය දැන් ලියවෙමින් පවතී. එදා මෙදා තුර රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට කළ අභියෝග සියල්ල ඔහු ජයගත්තේය. එහෙත් අළු යට තිබූ ගිණි පුපුරු නිවීමට ඔහු සමත් නොවීය. ඒ විටෙන් විට ගිණි පුපුරු විසි කරමින් යළි යළිත් මතුව ආවේය. මේ ගෙවෙන්නේ ඒ ගිණි පුපුරු විසින් යළිත් ඇතිකළ මහ ගින්නක් පැතිර යමින් තිබෙන මොහොතකි.
නිකම්ම නිකං හුදු සන්ධානයක්,අපේක්‍ෂකයෙක් නෙමෙයි අප බලාපොරොත්තු වෙන්නේ අලූත් සන්ධානයක්, අලූත් වැඩපිළිවෙලක්, අලූත් නායකත්වය කණ්ඩායමක් සමග රටට අලූත් බලාපොරොත්තුවක් තමයි අපගේ ඉල්ලීම. යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.
හැකියාව විශ්වාසකරන තරුණ පරපුරේ සිහිනයන් සැබෑ කරන VTA TEC
රුපියල් මිලියන 29,000 ක දැවැන්ත ආයෝජනකින් ඉදිවුණු ශ්‍රිලංකාවේ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය පසුගිදා අගමැති රනිල් වික්‍රම්සිංහ අතින් විවෘත කෙරිණි.
නාගානන්ද එක්කෝ පිස්සෙකි. නැතිනම් තක්කඩියෙකි... ඕෂල හේරත්ගේ හෙළිදරව්ව.
මෙවර ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපවන බව කියන නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු තමා ජනාධිපතිවීමත් සමඟ සම්මත වන බව කියන ස්වයංජාත ව්‍යස්ථාව සම්බන්ධයෙන් මේ වන විට යම් කතා බහක් ඇතිව තිබේ. මෙරට අදට බලපැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව සම්බන්ධයෙන් එය පැනවීමටත් පෙර සිට විවේචන එල්ල වූ අතර මේ වන විට 19 වතාවක් සංශෝධනයටද ලක්ව තිබේ.
