මෙන්න සම්මුතිය: ගෝඨා ජනපති - මෛත්‍රී අගමැති - රනිල් විපක්ෂ නායක - මහින්ද කතානායක

Friday, 30 August 2019 21:32

පසුගිය දින කිහිපයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් අගමැති රනිල් වික්‍රමසිංහත් අතර ඇති වූ රහසිගත සාකච්ඡා සාර්ථකව අවසන් වී තිබේ.

ඒ අනුව .එළඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභයට ශ්‍රීලනිපයේ සහය හිමිවේ. ඒ අනුව  ජනාධිපතිවරණයේ දී  දෙපාර්ශ්වයේ ඡන්ද එකතුව වන ලක්ෂ 64ක ඡන්ද ප්‍රමාණය මත නන්දසේන ජනාධිපතිවෙයි. ඉන් පසුව පවතින පාර්ලිමේන්‍තුවේ පක්ෂ සංයුතිය වෙනස් කරමින් නව ජාතික ආණ්ඩුවක් පිහි‍ටුවනු ලබයි.. 

එහිදී සිරිසේන ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට එන අතර ශ්‍රී ලනිපයෙත් රාජපක්ෂ කණ්ඩායම නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේත් සහ එජාපයේ රනිල් පාර්ශ්වයේ සහ දිනන පැත්තට සහය දෙන සුළු පක්ෂවලත් සහයෝගය මත සිරිසේන අගමැතිවරයා ලෙස බහුතර ඡන්ද බලය පෙන්වා පත් කෙරෙනු ඇත. කතානායක ධුරය හෝ මුදල් ඇමැතිකම සමඟ බලගතු ඇමැතිධුර කිහිපයක් හෝ මහින්දට හිමිවනු ඇත.

ඉන් පසුව එජාපය පාර්ලිමේන්තුවේ විශාලම විපක්ෂය වන නිසා රනිල් විපක්ෂ නායකයා ලෙස පත් කෙරෙණු ඇත. එමගින් රනිල්ගේ එජාප නායක ධුරයත් සු‍රැකෙනු ඇත. ජවිපෙත් ටීඑන්ඒත් රනිල් සමඟ විපක්ෂයේ සිටිනු ඇත.


වින් ‍ටු වින් ක්‍රමයට දැන් මේ පක්ෂ නායකයන් සියළු දෙනා සියලු ප්‍රශ්න නිරාකරණය කරගෙන ඇත. සියල්ලෝ දැන් සතුටිනි.

 

මෙහෙම වෙනවාටම නොව එහෙම නොවිය නොහැක්කක් නිසා වේලාසන මෙසේ ලියා තබමු.

Last modified on Friday, 30 August 2019 21:33

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us