ගලබොඩ වෙනුවට මැදගොඩ දැහැටි කූරුට පාවිච්චි කිරීම Featured

Friday, 30 August 2019 13:11

කහකඩධාරී මැදගොඩ අභයතිස්ස පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් කරනු ලැබීය. ඒ මෙසේය, 

“ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය සහ බටහිර බුද්ධි කාර්යාංශවල භූමිකාව යන ලිපියේ බටහිර බුද්ධි කාර්යාංශ ගැන කතාකරද්දි පැහැදිලි කරනවා, මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දුරකථන සහ අනෙකුත් උපකරණ දේශීය විමර්ශකයින්ට නැවත ලබා ගත නොහැකි ආකාරයෙන් මුල් අවධියේදීම ඉවත් කර ගැනීමට එෆ්.බී.අයි. නිලධාරීන් විසින් කටයුතු කර ඇති බව විශ්වාස කිරීමට හේතුවක් තිබෙන බව.ඇමරිකාව සහ එෆ්.බී.අයි. සහරාන් ඇතුළු කල්ලි කණ්ඩායම් බෝම්බ ප්‍රහාරයට තිබුණ සාක්ෂි ලබාගෙන. දේශීය විමර්ශකයින්ට ඒවා ලබා ගැනීමත් වළක්වලා. තොරතුරු හා දත්ත අතුරුදන් කරලා. කාදිනල්තුමා කිව්වා ඇත්ත හෙළිකරගන්න ඕන කියලා. නමුත් සත්‍ය සොයා ගැනීමේ මාර්ග වසා දමලා. ඒ නිසා මෙහි මුලටම යන්න වෙනවා”

 

මෙම ප්‍රකාශය බරපතලය, ඒ ගැන වහාම විමර්ශ්නයක් පවත්වා මෙහි සත්‍ය අසත්‍ය භාවය හෙළිදරව් කිරීම සිදු කළ යුතුය. බුද්ධි අංශ කෙරෙහි විශ්වාසයද ඒ සම්බන්ධයෙන් වගකිව යුතු දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් වන විශ්වාසයද බිඳ වැටී ඇති මොහොතක මෙම ප්‍රකාශය විශ්වාස කිරීට මේ රටේ මිනිස්සු පැකිලෙන්නෙ නැත. මෙයට මාධ්‍ය හරහා ලබා දී ප්‍රචාරය අනුව මෙම ප්‍රකාශය ජනතාව විශ්වාස කරන්න දෙපාරක් හිතන්නේ නැත. ඒ ලංකාවේ මිනිසුන්ගේ හැටියකි.

ඒ කොහොම වුවත් අනෙක් බරපතල කරුණ වන්නේ මෙම ප්‍රකාශයෙහි ඇති දේශපාලන පක්ෂග්‍රාහිත්වය මතු වීමය. මැදගොඩ අභයතිස්ස යනු මුලුමනින්ම ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශකයෙකි. එමෙන්ම රාජපක්ෂ කඳවුර වෙනුවෙන් ඕනෑම තක්කඩි ප්‍රකාශයක් කිරීමට මැලි නොවන ජඩ කහකඩධාරියෙකි. බුද්ධි අංශ අකර්මන්‍ය වී හො ඒ තුල මෙවැනි ආකාරයේ අක්‍රමිකතා සිදුවන බව පුන පුනා කියන්නේ රාජපක්ෂලා හිටියා නම් මෙහෙම නොවන බව කියන්නටය. රට ජාතිය ආගම බේරා ගැනීමට හැක්කෙ රාජපක්ෂලාට පමණක් බව කියන්නය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වැඩිම හානිය සිදු වූයේ ක‍තෝලික ජනතාවටය. මේ කහකඩ ධාරියා මේ සිදු කරන ප්‍රකාශය මඟින් අන්‍යාකාරයෙන් සිදු කරන්න උත්සහ ගන්නේද මේ කතෝලික ජනයා රවටා ඔවුන්ගේ සහය රාජපක්ෂ කඳවුරට අරන් දීමටය.

මේ දිනවල අගරදගුරු මැල්කම් රංජිත් ගේ සහය ලබා ගැනීම වෙනුවෙන් නන්දසේන ගොඨාභය විශාල වෙහෙසක් දරමින් සිටී. අගරදගුරුවරයා තමන්ගේ ජනතාවට වූ අසාධාරණය වෙනුවෙන් නඟන හඬ තමන්ගෙ වාසියට යොදා ගැනීමට නන්ද සේන පාර්ශ්වය ගන්නා උත්සාහයට රුකුලක් වීම මේ කහකඩධාරියාගේ අභිප්‍රාය වී තිබේ.

එමෙන්ම නන්දසේන ගොඨාබය අමරිකානු විරෝධියකු බවත් සිංහල ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින බවත් ඇඟවීම මෙහි අනෙක් අභිප්‍රායය. මන්ද ඉතිහාසය පුරා රාජපක්ෂ කඳවුර ගෙන ගිය සිංහල බෞද්ධ වර්ගවාදී දේශපාලනයට හානියක් දැන් සිදුවෙමින් තිබේ. ඒ නන්දසේන සිය ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් අමරිකාවේ පදයට නටන්නට තීරණය කර තිබෙන නිසාය. එය හෙළිදරව් වීම ඔහුගේ සිංහල බෞද්ධ ඡන්ද පදනමට බරපතල හානියක් සිදු කෙරෙන නිසා මේ ජාතිවාදී කහකඩයන් යොදවා තමන් සිංහල ජාතිකත්වයේ වුවමනාව වෙනුවෙන් පෙනී සිටින අයකු ලෙස කතිකාවක් සමාජ ගත කිරීමට නන්දසේනට සිදුව තිබේ..එහෙත් තමන් අමරිකාව සමඟ පවත්වන රහසිගත සම්බන්ධය නිසා ඔහුට ඇමරිකානු විරෝධී කිසිදු ප්‍රකාශයක් කිරීමේ හැකියාවක් නැත. පසුගියදා හමුදාපති තනතුරට පත් කළ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව අමරිකාව ප්‍රමුඛව බටහිර රටවලින් නැගුනු විරෝධ හමුවේදී නන්දසේන මීක් කිව්වේ නැත. එසේම මේ කහකඩධාරියා කරන හෙළිදරව්ව ගැන ද නන්දසෙන මීක් කියන්නෙ නැත.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදීද නන්දසෙන සිය ජාතිවාදී මෙහෙයුම සඳහා බොදුබලසේනාව යොදවා ගත්තා සේම දැන් මේ අලුත් කහකඩධාරීන් රංචුවක් ලැහැස්ති කරගෙන තිබෙන බව පැහැදිලිය. එමෙන්ම අන්තවාදී මුස්ලිම් දෙමළ කල්ලි නිර්මාණය කළා සේ ඉදිරියේ දී තවත් එවැනි කල්ලි ගොඩනැගීම සිදුවිය හැකිය. දොස්තර සාෆි වඳ සැත්කම් නාඩගම මෙන්ම දැන් අල්ලාගෙන සිටින දෙමළ ජාතික දොස්තර ද මේ ව්‍යාපෘතියෙම කොටස්ය. සිංහල ජාතිවාදයම පතුරුවා මිස නන්ද සේනට මැතිවරණ ජයග්‍රහණයක් ගැන සිතිය නොහැක. මන්ද ඔහු මුල සිටම වැපුරුවේ සිංහල ජාතිවාදයම වන නිසාය. ඒ අනුව අස්වැන්න නෙලා ගනන්වා මිස සුළු ජාතික හෝ ආගමිකයන්ගේ ඡන්ද අත්පත් කර ගැනිමට නොහැක. එම පාර්ශ්වය මුලින්ම කියා සිටියේ සිංහල බෞද්ධ ඡන්ද ගොඩ තමන්ගේ පාර්ශ්වයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් බවය,අනෙක් ජන කොටස් තමන්ට වැඩක් නැති බවත් අවධාරණ කෙරිණි.
මේ නිසා ආපසුහැරීමට නොහැකිව සිටින නන්දසේන පාර්ශ්වයට මොන ක්‍රමයකින් හෝ සිංහල ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට සිදුව තිබේ. මැදගොඩ අභයතිස්ස වලි කන්නේ ඒ වෙනුවෙනි.

Last modified on Friday, 30 August 2019 13:18

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us