subash

subash

එළඹෙන ජනාධිපතිවරණයේ එජාපෙ අපෙක්ෂකයා ලෙස කරූ ජයසූරියව් ඉදිරිපත් කිරීම සඳහා රනිල් - රාජිත - රවී, රයනු ත්‍රිත්වය දැඩි උත්සාහයක් ගත්තද එය ලත් තැනම ලොප් වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ නියෝජනය සහිතව බිහිවන නව සන්ධානයෙහි ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් නියත ලෙසම ඉදිරිපත්වන බව අද (16) දින ලිඛිතව එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කරන්න කලින් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන ලෙස ඇල්පිටියේ එජාප ප්‍රාදේශීය නායකයන් සහ ක්‍රියාකාරිකයන් එජාප ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් කළ බව එම පිරිස් පවසයි.

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීන් 106 දෙනාගේ ඡන්දයෙන් තොරා පත් කර ගැනීම කඩිනමින් කළ යුතු බව ඇමැති පාඨලී චම්පික රණවක අද මාධ්‍ය හමුවකදී පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය ඉදිරිපත් කිරීම සඳහා මේ වන විට ඇමැති රවී කරුණානායක සහ ඇමැති රාජිත සේනාරත්න දැඩි වෙහෙසක් ගනිමින් සිටී.. මේ අනුව රාජිත සේනාරත්න පසුගියදා එජාප නායකත්වයට පොරොන්දු වී තිබුණේ කරු ජයසූරියව අවස්ථාව ලබා දෙන්නෙ නම් ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනීමට තමාට හැකි බවය.

A dinner followed at the Rajapaksa’s home Carlton House at Weeraketiya on Thursday. Some 7,000 invitees attended the wedding banquet.  -the sunday times

හත්දොහේ මඟුල් කනවා කියන්නේ හත්දහසකට මඟුල් කන්න ආරාධනා කරන එක නොවේය.. ඒ දින හතක් මඟුල් කෑමය..

 තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර, සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ වෙත නියෝග කර තිබේ.

කොන්රාඩ් ඇඩනෝආර් පදනම සහ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන 4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදය (4th Asia- Europe Counter- Terrorism Dialogue 2019) සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිනේෂ් දොඩම්ගොඩ මහතා ආරාධනා ලැබ සිටියි.

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුන හෙට (16) දින විවෘත්ත කිරීමට නියමිත අතර ඒ සඳහා ජනාධිපති, අගමැති සහ විපක්ෂනායක තිදෙනාම සහභාගී වීමට නියමිතය මීටර් 350 ක් උසැති මෙම කුළුන ගොඩ නැගීමෙ කටයුතු පසුගිය රාජපක්ෂ සමයේදී චීන ණය ආධාර මත ආරම්භ කෙරිණි. මේ සඳහා අමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්න මුදලක් වැය වී තිබේ.

අද දින එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය නම් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව එජාපයේ තොරතුරු මාර්ග සඳහන් කරයි.. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම එකම සටන් පාඨය කර ගනිමින් ජයසූරිය මහතා එම කර්තව්‍යය වෙනුවෙන් 'ජාතික අපේක්ෂකයා' නමින් පොදු අපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙනු ඇතැයි පැවැසේ.

Connet With Us