subash
ජයග්‍රාහකයා සජිත්ය...ඒ පොදු මහජනතාවගේ ජයග්‍රහණයයි
ඉදිරි ජනාධිපතිවරණයේ තීරණය කුමක්ද යන්න දැන් විසැඳී අවසන්ය. එසේ කියන්න අපි ඉක්මන්වන්නේ යැයි කිසිවකුට ගැටළුවක් තිබිය හැකි නමුත් ඒ සම්බන්ධයෙන් අපට දෙගිඩියාවක් නැත. මන්ද පොදු මහජනතාවගේ ජයග්‍රහණය මේවන විට තීරණය වී ඇති නිසාය.
එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟත්වය ලබා දී ඇතැයි වාර්තා වේ.සමාජ මාධ්‍ය වල පළවූ ලෙස කොන්දේසිවලට යටත්වීමක් මෙහිදී සිදු නොවූ බවද පැවසේ.
සජිත් ප්‍රේමදාස සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යළි තිර කිරීමට සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රතිඥාවක් දෙමින් නිවේදනයක් නිකුත්කර තිබේ.
රණ විරුවා අහිගුන්ඨිකයාගේ රිලවා බවට පත්වෙමින් තිබේ
උතුරු නැගෙනහිර දෙමළ සටන්කාමීන් ගෙන ගිය සන්නද්ධ අරගලය පොඩිපටම් කිරීම සඳහා රජය විසින් ගෙන ගිය මර්දනකාරී මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ සෙබලා 'රණ විරුවා' ලෙස භෞතීස්ම කිරීම කරන ලදී.. ජාතියේම (සිංහල) ගරුබුහුමනට පුජනීයත්වයට රණවිරුවාව පත්කිරීම කරන ලදී.
සියලු ආබාධිත සෙබළුන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය තීරණය කරයි
යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොඨාභයට මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වාතාවරණයක් උදා වී තිබේ. 2017 සිට 2019 දක්වා කාලය තුල ඔහු ඡන්ද දායකයකු වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ හොර හැඳුම්පතකින් බව හෙළිදරව් වීම නිසා ඔහුට නීත්‍යානුකූලව සිය ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත.
පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
සිරිසේනගේ කුප්ප කතාවලට රනිල් උත්තර නොදෙන්න තීරණය කරයි
මින් ඉදිරියට ජනාධිපතිවරයා තමාට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට පුද්ගලිකව මැදිහත් නොවන බවත් චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මම සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද විශේෂ විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් පවසයි.
වරක් වැන්දොත් කරපු පව් සියල්ල අහෝසි වෙනවා කියා කැලණි විහාරය සම්බන්ධයෙන් කතාවක් තිබේ. නන්දසේන ගෝඨාභය තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කැලණි විහාරයෙන් ආරම්බ කර, රට වටේ තිබෙන පන්සල් පල්ලි වල බඩගෑමට තවමත් කරමින් තිබේ. නන්දසේන සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන චෝදනාව මිනිස් ඝාතන සම්බන්ධයෙනි. ඊට දෙවෙනිව හොරකම් වංචා චෝදනා ගනනාවකි.
දෙමළ අභියෝගය යනු වික්ටර් අයිවන් මහතාගේ කෘතියකි. දෙමළාගේ ප්‍රශ්නය යනු නිර්මාල් රංජිත් දේවසිරිගේ කෘතියකි. එවැනි බොහෝ කෘති සිංහල සමාජයෙන් බිහි වී ඇත. මේ හැම කෘතියක්ම ලංකාවෙහි යුද්ධමය පරිසරයක් තුළ ලියවුණු ඒවාය.
