subash

subash

රණ විරු ගායට බෙහෙතක් දිය යුතුයි යැයි අපි කියන්නේ ඔය යුද්දෙ තියෙන කාලයේ පටන්මය. 'රණ විරුවා" රටට මහ ව්‍යයසනයක් වන බව එදා අපි දැක්කා සේම ඒ ව්‍යසනය ඇස් පනා පිටම සිදුවෙමින් පවතී..

ගොට්ටන් සිතා සිටින්නේ සිරිසේන දැන් වුන්ට සහය වුණා කියාය. නැත නැත. ඒක එහෙම නෙවෙයි .

ශ්‍රීලංකා නිදහස් පක්ෂය විසින් ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහය දැක්වීමට තීරණය කිරීමත් ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රීලනීපයට නායකයකු නොමැති වීමත් යන කරුණු මුල් කරගෙන යළිත් ශ්‍රීලනිපයේ නායකත්වය මහින්ද රාජපක්ෂ වෙත ලබා දීමට ශ්‍රීලනීපයේ ජේෂ්ඨයන් කටයුතු කරමින් සිටී.

මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ එනම්, නොවැම්බර් 18 දා දක්වා ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබේ.

නූතන ශිෂ්ඨ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතය හුරු නැති අයෙක් ලෙස නන්දසේන ගෝඨබය සිය නාමය දැන් තරුණ ප්‍රජාව අතර සලකුණු කර හමාරය. පසුගිය දින කිහිපයේදී මේ විපර්යාසය සිදුවිය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව වූයේ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමය. ඒ අනුව නන්දසේන රාජපක්ෂට මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කිරීම නිත්‍යානු කූලය.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනු ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්බ කර ඇති බව දැනගැනීමට තිබේ. මේ සම්බන්ධ තොරතුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමක් සිදු කිරීමෙන් පසුව මෙම විමර්ශන කටයුතු අරම්බ වී ඇත.

ලංකාවේ නීති අධ්‍යාපනය මුළුමනින්ම අසාර්ථකත්වයකින් පෙළෙන අධ්‍යාපන ක‍්‍රමයකි. වෘත්තීය අධ්‍යාපන ආයතන වල මූලික වගකීම වන්නේ එම වෘත්තියෙහි නියැලීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන්ට එසේ එය කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම, අවශ්‍ය පුහුණුව මෙන්ම අවශ්‍ය සදාචාරක පදනම ඉගැන්වීමය.

නන්දසේන ගොඨාබය මෙරට ද්විත්ව පුරවැසි භාවය ඉල්ලුම් කිරීමේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලබා දී තිබිය යුතු ලේඛන කිසිවක් එම දෙපාර්තමේන්තුව සතුව නොමැති බව අද ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි..මේ ලේඛන මොනවාද? ද? සහ එය අයදුම් කරන පිළිවෙල ගැන පහත විස්තරයක් සඳහන් වේ.

අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති සුහද ගම්ලත් කර ඇති ප්‍රකාශ කිහිපයක් පිළිබඳව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක අදහස් දක්වා තිබේ. ඒ පසුගියදා මොනරාගල ප්‍රදේශයේ පැවති එම බලවේගයේ සම්මන්ත්‍රණයක් අමතමිනි.

Connet With Us