යළිත් බෝම්බ ප්‍රහාර වැලක් ගැන තොරතුරු. ගෝඨව ගේන්න අමරිකාවේ වැඩක් දැයි සැකයක් Featured

Published in පුවත්
Friday, 04 October 2019 13:33

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි ආගමික සිද්ධස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනු ඇති බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විශේෂ පරීක්ෂණයක් ආරම්බ කර ඇති බව දැනගැනීමට තිබේ. මේ සම්බන්ධ තොරතුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමක් සිදු කිරීමෙන් පසුව මෙම විමර්ශන කටයුතු අරම්බ වී ඇත.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය පසු පස, අමරිකාව ශ්‍රීලංකාව කෙරෙහි වන දේශපාලන මැදිහත් වීමේ ප්‍රතිපලයක් ලෙස ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ විශ්ලේෂකයන් පෙන්වා දෙනු ලැබ තිබේ. විශේෂයෙන්ම ශ්‍රීලංකාවේ පාලනය අමරිකාවේ යටහත් භාවය තුල තබා ගැනීම වෙනුවෙන් මෙරට ආරක්ෂාව ඇමරිකාවේ වගකීමක් වන තත්වයට පවත්වා ගැනීම මෙහි අරමුණ බවත් පැවැසිනි.

මෙවර ජනාධිපතිවරණය ද ඇමරිකාව විසින් ඔවුන්ගේ වාසිය වෙනුවෙන් යොදා ගනිමින් තිබෙන බවත් පැහැදිලි කරුණක් බවට පත්ව තිබේ. තමන්ට හිතවාදී මෙරට පාලකයකු සිටීම අමරිකාවේ අභිප්‍රාය වී තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේදීද අමරිකාව මෙවැනි මැදිහත් වීමක් සිදු කළත් පිහිටවනු ලැබූ පාලනය අමරිකාවේ වුවමනාවන් සංතෘප්ත කළේ නැත. නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ‍රැගෙන යමින් චීනය රුසියාව සමග වන ජාත්‍යන්තර සම්බන්ධතා ද ඒ ආකාරයෙන් නඩත්තු කරමින් සියල්ල තුලනය කර ගැනිමට ශ්‍රීලංකාවේ වත්මන් පාලනය කටයුතු කළේය.

එහෙත් එම තත්වයන් අමරිකාවේ නොසතුටට හේතු විය. තව දුරටත් අමරිකානු ආධාර මෙරටට ලබා දෙමින් ශ්‍රීලංකාවේ වැඩි අවධානයක් දිනා ගැනිමටද අමරිකාව කටයුතු කළේය. එහෙත් ඒවාද මේ වන විට නොකෙරෙන වෙදකම් වී තිබේ. සොෆා සහ ඇක්සා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ගත් උත්සාහයන්ද අතර මඟ නැවැතී තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වන්නේ මේ අතරය. මෙරට ජාතික ආරක්ෂාව ගැන විශාල කතා බහක් නිර්මාණය වන්නේ ඉන් පසුවය. පොදු ජන පෙරමුණේ ගෝඨභය ජාතික ආරක්ෂාව ගැන සටන් පාඨය පෙරට දමාගෙන එන්නේ ඉන් පසුවය. සොෆා සහ ඇක්සා ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට නන්දසේන එකඟ වන්නෙ නම් ඔහුගේ අමරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමට අමරිකාව පොරොන්දු වූ බවට තොරතුරු හෙළි විය. දින කිහිපයක් ඇතුලත ඔහුගේ පුරවසිභාවය ඉවත් කෙරිණි.

එහෙත් ගොඨාභයට එරෙහිව වන ක්‍රියාමාර්ග හරහා ඔහුව වැලක්වීමට ආණ්ඩුවේ ගන්නා පියවරයන් අමරිකාවටද හිසරදයක්ව තිබෙන බව පැහැදිලිය. යම් හෙයකින් ගොඨාභය බාධක ජය ගනිමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවත් ඔහුට ජාතික ආරක්ෂාව හැර වෙන සටන් පාඨ නැත.ජාතික ආරක්ෂාව ගැන සටන් පාඨයට වැදගත් කමක් එකතු වන්නේ රටේ ජාතික ආරක්ෂාව අන්තුරක තිබේ නම් පමණය. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන මතකය අමතක වෙමින් තිබෙන විට යළි ජාතික ආරක්ෂාව ගැන මතක කරන්න නම් එවැනිම බෝම්බ ප්‍රහාර මාලාවක් සිදු විය යුතුය.

බොම්බ ප්‍රහාර ගැන ලැබී ඇති තොරතුරු මාර්ගවල දේශපාලනය මෙයය. පසුගිය සතියේ මෙරටට පැමිණි අමරිකානු ගුවන් යානයක් ගැන (https://www.youtube.com/watch?v=vW2BfOqh1xY) මේ වන විට සැක සංකා මතුව තිබේ. අමරිකානු රාජ්‍ය දෙපර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහනය කරන මෙම ගුවන් සේවය මෙරටට පැමිණියේ කවර හේතුවක් නිසාද යන්න තවමත් අභිරහසකි.. ඒතුල රැගෙන ආවේ කවුරුන්ද ගෙන ආ භාණ්ඩ මොනවාද යන්න අභිරහසකි.

එමෙන්ම අමරිකානු තානාපති අංශ මෙරට දේශපාලකයන් සමග මේ දිනවල පවත්වන රහසිගත සාකච්ඡාද සැක උපදවමින් තිබේ. සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට තීරණය කළ අරුමුගම් තොන්ඩමාන් සමඟ අමරිකාවෙ මෙරට නියොජ්‍ය තානපති හදිසි සාකච්ඡාවක්ද පැවැත් වීය. දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබිණි.

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වලක්වා අමරිකානු රූකඩයක් බවට පත්ව සිටින ගෝඨාභයව ජයග්‍රහණය කරවීම අමරිකාවේ වුවමනාව බව දැන් පැහැදිලි වෙමින් තිබෙන සත්‍යයයි. මේ අනුව නුදුරේදී සජිත් හිතවාදී දේශපාලන ප්‍රබලයන් වෙත තර්ජනයන් ජීවිත අනතුරු ආදිය සිදු වූවද ඒ ගැන පුදුම වීමට දෙයක් නැත.

අධිරාජ්‍ය විරෝධී , විජාතික විරෝධී දේශප්‍රේමී සටන් පාඨ වලට මුවා වී සිටියද රාජපක්ෂලාගේ නරුම දේශපාලනය දැන් වුවමනාවටත් වඩා හෙළි වෙමින් තිබේ. එහෙත් මේ වෙනුවෙන් මෙරට අහිංසක ජනතාව තව දුරටත් බිලි විය යුතු නැත. අයි එස් අයි එස් සංවිධානයේ ප්‍රහාරයක් බවට ලඝු කළ සහරාන්ලාගේ ප්‍රහාරය පි‍ටුපස ඇත්තටම සිටියේ අමරිකාව මිසක් වෙන කිසිවකුත් වන බවට සාක්ෂි නැත. අයි එස් අයි එස් සංවිධානයද අමරිකාවේම නිර්මාණයක් බව ප්‍රකටට රහසකි..එසේම සහරාන්ලා යනු අමරිකානු පුරවැසි ගොඨභය රාජපක්ෂ ගෙවු සල්ලි වලට වැඩ කරපු පිරිසක් බව ගොඨාභය ඇතුලු ඒ පාර්ශ්වයට දැන් ප්‍රසිද්ධියේ පිළිගන්න සිදුව තිබේ. බොදු බල සේනා වැනි සිංහල බෞද්ධ ත්‍රාඩ ව්‍යාපාරයන්ද ගොඨාභයලාගෙම නිර්මාණයන්ය. ආගම්වාදය ජාතිවාදය පතුරුවා බලය වෙනුවෙන් ම්ලෙච්ඡ නරුම දේශපාලනයක යෙදි සිටින ගොඨභය ට මේ රට ලේ විලක් කර හෝ බලය අත්පත් කර ගත හැකි නම් ඒ ගැන දෙපාරක් හිතන්නෙ නැති බව ඔහුගේ ඉතිහාසය විසින් සහතික කොට තහවුරු කර ඇති සත්‍යයකි.

inte bomb

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us