නඩු තීන්දුවෙන් කිව්වේ යළි රාජපක්ෂවරු පරාජය කළ යුතුම බවය ! Featured

Published in පුවත්
Saturday, 05 October 2019 02:03

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්න කරමින් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලු පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව වූයේ එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමය. ඒ අනුව නන්දසේන රාජපක්ෂට මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබා දීමට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කිරීම නිත්‍යානු කූලය.

අභියාචනධිකරණය ලබා දුන් තීන්දුව අධිකරණයේ උත්තරීතරත්වය ගැන සලකමින් පිළිගන්නා වූ නමුදු මෙම තීන්දුව බරපතල ගැටලු රාශියක් මතු කරන්නක් බව කිව යුතුය. ඒ සම්බන්ධයෙන් නැවත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන බවට කතා ඇසෙන්නට වූවත් මෙරට නීතියේ ආධිපත්‍ය පිළිගන්නා පුරවැසියන් ලෙස එය ප්‍රශ්න කිරීමෙහි අයිතිය පුරවැසියන්ට ද තිබේ.

අධිකරණය තුල සිදුවූ වාද විවාද ගැන පූර්ණ අවබොධයක් අප සතුව නොමැති වූවත් ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය වාර්තා සහ නීති ක්ෂෙත්‍රයේ පිරිස් වෙතින් පැවසෙන දෑ අනුව. නන්දසෙනගේ පුරවැසිභාවය මහින්ද විසින් අනුමත කිරීම මුලුමනින්ම විධායක ජනාධිපතිවරයාගේ බලය පාවිච්චි කරමින් සිදු කළ දෙයකි. ඒ සඳහා නීතිමය බලයක් ඇති බව කියැවුණත් එහි කිසිදු සදාචාරාත්මක හැදියාවක් නැත.

තමන්ගේ එකා

එහි පළමු කාරණය නම් මහින්ද සිය බලය පාවිච්චි කරන්නේ සිය බාල සහෝදරයා වෙනුවෙනි. ලැබැදියන්ගේ සහසම්බන්ධය එතැන තිබේ. ඒ වගේම ඒ වන විට නන්දසෙන මෙරට පුරවැසියකුද නොවේ. ඔහු මෙරට පුරවැසිභාවය අත් හැර දැමූ විදේශීය පුරවැසියෙකි. මෙරට ජනතාවගේ පරමාධිපත්‍යය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණ යන ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රය රඳා සිටින මහ කුළුනු වෙත බෙදා හැර තිබේ. ඒ අනුව විධායක ජනාධිපතිධුරයෙහි බලය කියන්නේ මේ රටේ ජනතවගේ පරමාධිපත්‍යයික විධායක බලය ක්‍රියාත්මක වන තැනයි.. මහින්ද රාජපක්ෂට ඒ බලය ජනතාව විසින් පවරනු ලැබුවේ තමන්ගේ හිතු මතේට පාවිච්චි කරන්නට නොවේ. එය බරපතල වගකීම් සහගත තනතුරකි. විධායකයට ගත හැකී තීන්දු තීරණ රැසක් තිබේ. ව්‍යවස්තාවේ නිර්මාතෘවරයා නම් කීවේ මෙයින් කරන්න බැරි ගැහැනියක පිරිමියකු කිරීමත් පිරිමියකු ගැහැනිය කිරීමත් පමණක් බවය. එතරම්ම බලසම්පන්න තනතුරක් ලෙස මෙය හැඳින් විය. එහෙත් ඒ කවර බලසම්පන්න කම තිබුණද ඒවා ක්‍රියාත්මක කිරීම සිය හිතු මතයට කළ නොහැක. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු නෛතිකමය ලෙස පිළිගත් ක්‍රියා පටිපාටයන් තිබේ. ඒවා එකින් එක සම්පූර්ණ කර අවසන් තීන්දුව ගැනීමේ බලය පමණක් විධායකය සතු වෙයි. එය විනය ගරුක සාදාචාරාත්මක මෙන්ම නිත්‍යානුකූල පාලකයකු අනුගමනය කරන පිළිවෙතයි.

නොමිළේ එක්දින සේවය

එහෙත් නන්දසෙන රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධ සිදුවීමේදී එය සිදුව ඇත්තේ එසේ නොවේ. මෙරට ද්විත්ව පුරවැසිභාවය විදේශික පුරවැසියකුට පිරි නැමීමට පෙර සම්පූර්ණ කළ යුතු දේවල් තිබේ. ඊට අදාලව ලබා දිය යුතු ලිය කියවිලි තිබේ. ඒවා පරික්ෂා කර අදාල අනුමැතියන් ලබා ගැනීම සිදු විය යුතුය. එහෙත් මේ කිසිවක් සිදු නොවී..සිදුවූ බවට කිසිදු සාක්ෂියකදු නොමැතිව එක් වැඩ කරන දිනක් තුල මහින්ද රාජපක්ෂ විසින්ම ඊට දිනකට පෙර පත් කරන ලද ජනාධිපති ලේකම්වරයාගේ අත්සන අදාල අනුමත කිරීමේ ලේඛනයට ලබා ගෙන ජනාධිපතිවරයා විසින් සිය අත්සන යොදා අනුමත කිරීම සිදු කර ඇත. අඩුම තරමින් මේ සඳහා වන ගාස්තුව ගෙව්වාද යන ගැනත් සඳහනක් නැත.

ඒ සියල්ල ජනාධිපතිවරයාගේ බලයට යටත් කර අභියාචනාධිකරණය තීන්දුව ලබා දී තිබේ. නීතිපතිවරයාගේ තර්කය වූයේද ඒ සඳහා ජනාධිපතිවරයාට බලය තිබෙන බවය. ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් ‍තෝර පත් කර ගැනීමේන් දින 3ක් ගෙවී ගියද ඒ වන විට අගමැතිවරයා නම් කර ඇමැති මණ්ඩලය පිහි‍ටුවා තිබුණේ නැත. රාජ්‍ය ආයතන විශය පතයන් පැවැරීමක් සිදුව තිබුණේ නැත. ඒ අනුව ජනාධිපතිවරයා යටතට කිසිදු ආයතනයක් පැවරී තිබුණේද නැත. ඒ තත්වයන් හමුවේ විධායකයට ඕනෑම තීන්දුවක් තීරණයක් ගෙන ක්‍රියාත්මක කිරීම නිත්‍යානුකූල බවට තීන්දු වීම බරපතල කරුණකි. ඒ මුලු මනින්ම ඒකාධිපති තත්වයකි.

පිට අයට බෑ

මෙලෙස එක් දිනක් ඇතුලත ද්විත්ව පුරවැභාවය ලබා ගැනීමට නන්දසේනට හැකි වූවද ඔහු බලයේ සිටින කාලයේ වෙනත් පිරිස් වලට මෙරට ද්විත්ව පුරවැසි බාවය ලබා ගැනීමට වසර ගනනාවක් ගත විය. තමන්ගේ ප්‍රතිවාදී දේශපාලන කඳවුරක් නියොජනය කළ ප්‍රේමකුමාර් ගුණරත්නම්ට මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට හිරේ විලංගුවේද ලැගීමට සිදු විය. ඒ රාජපක්ෂවරුන්ගෙන් පසු අවධියේදී සිදු වූවක් නමුත් ජනාධිපතිවරයාට මෙලෙස දිනකින් පුරවැසිභාවයන් ලබා දීමට හැකියාවක් තිබේ නම් එය නොවිය යුත්තකි.

එසේම නන්දසෙනගේ පුරවැසිභාවයට අදාලව හමුවූ ඇතැම් තොරතුරක ඔහුට හිමි අංකයෙහි තවත් පුරවැසියකුගේ නමක් ඇතුලත් වීම ආදී සැක කටයුතු දේවල්ද තිබිණි. එහෙත් ඒ කිසිවක් නන්දසේනගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අනීතික දේවල් වී නැත.

ඒකාධිපති බලය

මේ ගැටලුව යළි යළිත් සාකච්ඡා වීම විය යුතුය. එය නන්දසේන පුරවැසිබාවය ලබා ගැනීමෙන් ඔබ්බට ගොස් විධායක ජනාධිපතිවරයාට මේ ලැබී තිබෙන ඒකාධිපති බලය ප්‍රශ්න කළ යුතුය. එම තත්වයන් වෙනස් කිරීම සිදු විය යුතුය.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අනෙක් වැදගත්ම කරුණ නම් මේ තීන්දුව ලැබීමත් සමඟ මේ රාජපක්ෂ හිතවාදීන්ගේ හැසිරීම ගැන මතුව තිබෙන ගැටලුවය. නන්ද සේනගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් මතු වීම නිසා එය අධිකරණය හරහා විසඳා ගැනීමේ පුරවැසියකුට තිබෙන අයිතිය පාවිච්චි කර ඒ විමසීමට ගියේ රටත් ලෝකයත් පිළිගත්තු වියතුන් කලාකරුවන් වන ගාමිනී වියන්ගොඩ සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරයි. මෙරට ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහි‍ටු වීම වෙනුවෙන් රාජපක්ෂ පවුල් ආණ්ඩුවෙන් රට ගලවා නිදහස් කර ගැනීම වෙනුවෙන් අභිත සටනක යෙදුනු මේ ජන නියමුවන් දෙදෙනා මෙවරත් ඉදිරිපත් වූයේ රටේ යහපැවැත්ම තව දුරටත් රැක ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව නිසාය.. මිනීමරු ත්‍රාඩ කණ්ඩායමකගේ විරෝධය ජීවිත තර්ජන ලෙස තමන්ට ඉදිරිපත් වෙන බව දැන දැනම ඔවුන් මේ කටයුත්තේ යෙදුනේ රටේ අභිවෘද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඇති සද්භාවය නිසාය. මෙය ගැස්සුනොත් තමන්ටත් තමගේ පවුලේ අයටත් යම් ලෙසකින් මරණය වැලඳ ගැනීමේ අවදානම තිබෙන බව දැනගෙන මේ සඳහා ඉදිරිපත් විය. කෙසේ නමුත් ඔවුන් මතුකළ කරුණ කෙරෙහි අධිකරණයේ නොසලකා හැරීම මත ඔවුන් පෙත්සම් විභාගයෙන් පරාජය විය.

කට ඇරියොත් මැරුවා

එම පරාජය සමඟ ඔවුන් අපේක්ෂා කළ ලෙසම මරණීය තර්ජන ඔවුන්වෙත එල්ල වෙමින් තිබේ.ඔවුන්ගේ උත්සාහයට සහය දැක්වූවන්ට මරණීය තර්ජන එල්ල වෙමින් තිබේ. ඊයේ සවස් වරුවේ සිට සමාජ ජාලා වල රාජපක්ෂ හිතවාදී කොටස් විසින් ප්‍රචාරය කරන දැන්වීම අනුව ඒ කෙතරම් සාහසික වෛරී සහගත තර්ජනයක්ද යන්න ඉතා හොඳින් දැක ගත හැකිව තිබේ. මේවා නිකම්ම නිකම් වාචිකව ලිඛිතව කරන මරණීය තර්ජන නොවේ.. මන්ද රාජපක්ෂ වරුන්ගේ පාලන සමයේදී පුරවැසියන් සිය දහස් ගන්නකට තර්ජනය කිරීම සහ මරා දැමුණු නිසාය.

2015 දී රාජපක්ෂලා පරාජය වූ විට කුමන්ත්‍රණකාරී ලෙස බලය තවදුරටත් රඳවාගෙන රටම ලේ විලක් කර හෝ ඒ සිදු කිරීමට සැලසුම් සහගත මෙහෙයුමක් සූදානම් කර හිබූ බවට තොරතුරු වාර්තා වී තිබිණි. එහෙත් එයද පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදි පුරවැසියා සමත් විය..එසේම ඒ පරාජයෙන් පසුව රාජපක්ෂ වාදි ත්‍රාඩ වහලුන් යෝජනා කළේ මරළා හරි බලය ගමු කියාය.. ඒ ඔවුන්ගේ හැටිය...අදත් එම රාජපක්ෂවාදීන් කියන්නෙ තමන්ට එරෙහි වන්නන් මරා දැමිය යුතු බවය. ඒ අනුව යම් ලෙස විදිහකින් රට වැසියාගේ අවාසනාවට කාලකණ්නි කමට යළි රාජපක්ෂ්වරුන්ට බලය ඩැහැ ගැනීමට හැකි වුවහොත් ඔවුන්ගේ විරුද්ධවාදීන්ගේ මළ කඳන් රටේ අස්සක් මුල්ලක් නැර ගොඩ ගැහෙනු ඇත. එය එසේ නොවෙන්නෙ යැයි කීමිට කිසිදු පිලිගත හැකි කරුණක් නැත.

යළි පරාජයට පත් කළ යුතුවීම

මේ නිසා මෙම නඩු තීන්දුවත් එම නඩු තීන්දුවෙන් පසු ව සිදුවන කාරණාත් නිසා නැවත නැවත මෙරට පුරවැසියා කෙරෙහි අවධාරණාත්මකව මතුවන කාරණය නම් රාජපක්ෂවරු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතාව තුලින්ම යළි පරාජයට පත් කළ යුතු බවය.

එය නොකිරීම කියන්නේ රට නැවත අමු සොහොනක් බවට පත්වීම මිස රාජපක්ෂලා කියන සුරපුරය ගොඩ නැගීමක් නොවේ. යළි ඒකාධිපති මිනිමරු මජර පාලන පිහි‍ටුවීමට රාජපක්ෂලා ඉඳුරාම කටයුතු කරනු ඇත..2015 න් පසුව මෙරට පුරවැසියා අත්පත් කර ගත් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් සියල්ල රාජපක්ෂලා උදුරා ගනු ඇත. අධිකරණය නීතිය, බල්ලට යෑම සිදුවෙනු ඇත. ජාති ආගමික බේදයකින් තොරව මෙරට පුරවැසියා වෙත හිමිකර දී තිබෙන සමානාත්මතාව නිදහස මානව හිමිකම් සියල්ල යළි හකුලනු ඇත. සිංහල බෞද්ධ නොවන කිසිවකුට ඔලුව උස්සන්න ඉඩ නොදෙනු ඇත. විරුද්ධ මත දරන්නන් ප්‍රසිද්ධියේ ඝාතනය කරනු ඇත. වංචාව දූෂණය නාස්තිය ඇස්පනා පිටම සිදුවෙනු ඇත. රාජපක්ෂලා රාජකීයයන් මෙන් යෙහෙන් වැජඹෙමින් රටම සුරා කනු ඇත.. පුරවැසියා වහලකු අදීනයකු නිවටයකු බවට පත් කරනු ඇත. 2015 ට පෙර යුගය මතක නම් මේ කියන කාරන ගැන අතිශයෝක්තියක් තිබිය නොහැක.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us