ජනාධිපතිවරණයේදී මෛත්‍රී නිර්පාක්ෂිකයි, වැඩ ආවරණයට රෝහණ ලක්ෂ්මන්! Featured

Published in පුවත්
Wednesday, 09 October 2019 08:38

මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව සිටීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ. ඒ අනුව එම කාලය තුළ එනම්, නොවැම්බර් 18 දා දක්වා ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කර තිබේ.

ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපය ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාක්ෂිකයන්, ආසන සංවිධායකවරුන්, මන්ත්‍රීවරුන් සහ මධ්‍යම කාරක සභාවේ අදහස් පසුගිය දින කිහිපය තුළ විමසූ අතර, එයින් ඇතැම් පිරිසක් පොහොට්ටුවටත්, තවත් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාටත් ශ්‍රීලනිප සහාය ලබාදිය යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. එම දෙපාර්ශවයේම අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයේදී දේශපාලන වශයෙන් නිර්පාක්ෂික ස්ථාවරයක් දැරීමට තීරණය කර ඇත.

එසේම, නීතිය හා සාමය අමාත්‍යංශය භාර අමාත්‍යවරයා ලෙස සේනාධිනායකයා ලෙස ජනාධිපතිවරයා සිටින නිසා සාධාරණ අපක්ෂපාතී මැතිවරණයක් වෙනුවෙන් ද එම තීරණයට එළඹි බව අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

ජනාධිපතිවරයා ග්‍රාමීය මට්ටමේ පාක්ෂිකයන් සහ ආසන සංවිධායකවරුන්ගේ අදහස් විමසීමේදී බහුතර මතය පළවී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ සහාය දැක්වුවහොත් එය ශ්‍රීලනිපයේ අවසානය විය හැකි බවයි. එහෙත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය වී ඇත්තේ මෙවර පොහොට්ටුවට සහාය ලබාදිය යුතු බවයි. ඉකුත්දා එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ පොහොට්ටුවට සහාය ලබා දුනහොත් ඇමතිකමක් ලබා ගත හැකි බවයි.

මේ සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මධ්‍යම කාරක සභාවේ ද මතය විමසා ඇති අතර, එහිදී මතුවූ අදහස් ද සලකා මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව සිටීමට තීරණය කළ බව දැනුම් දී තිබේ. ජනාධිපතිවරයාගේ මතය සියළු දෙනාම ඒකමතිකව පිළිගෙන ඇති අතර, ඒ සදහා අවශ්‍ය ඉඩකඩ ලබාදීමට ජනාධිපතිවරණය නිමවන තෙක් ශ්‍රීලනිප සභාපති තනතුරේ වැඩ ආවරණය කිරීම සදහා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පත් කිරීමට ඔවුන් එකග වී තිබේ.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප පාක්ෂිකයාට එක්කෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් නිර්පාක්ෂිකව සිටීමේ ස්ථාවරය හෝ ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් දරන පොහොට්ටුවට සහාය දීමේ ස්ථාවරය ගැනීමට ඉඩකඩ සැලසී ඇත.

නිර්පාක්ෂිකව සිටීමට මෛත්‍රීපාල සිරිසේන ගත් ස්ථාවරය සමග ශ්‍රීලනිපය බෙදී යාම වැළකුණු අතර, කුරුණෑගල පැවති ශ්‍රීලනිප දිස්ත්‍රික් සම්මේලනයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රීලනිපයේ අරමුණ මීළග මහ මැතිවරණයේ දී ආණ්ඩුව තනන තීරණාත්මක පාර්ලිමේන්තුවේ බලවේගය බවට ශ්‍රීලනිපය පත්කිරීම බවයි. එසේම එහිදී ජනාධිපතිවරයා සදහන් කළේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලතල කප්පාදු කර ඇති ජනාධිපති තනතුර වෙනුවෙන් අවධානය යොමු කිරීමට නොව, ශ්‍රීලනිපය තනි පක්ෂයක් ලෙස මීළඟ මහා මැතිවරණයේදී මන්ත්‍රී ධුර 50 ක් පමණ ලබා ගැනීම කෙරෙහි වෙහෙසිය යුතු බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිර්පාක්ෂිකව සිටීමට ගත් තීරණය හේතුවෙන් බොහෝ ශ්‍රීලනිප ඡන්දදායකයන් මෙවර ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකව සිටීමේ ප්‍රතිපත්තික් අනුගමනය කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us