subash

subash

පසුගියදා නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිස්ටර් ජනරාල් සුහද ගම්පත් විසින් කළ හෙළිදරව්වත් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරිය ඇවන්ගාර්ඩ් සභාපතිවරයා සමඟ කළ දුරකතන සංවාදයත් පදනම් කරගෙන නීතියේ ආධිපත්‍යට සහ අධිකරණයේ ස්වාධීනත්වයට යහපලකයෝ බලපෑම් කරමින් සිටින බවට චෝදනාවක් එල්ල වෙමින් තිබේ.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ගෑණි ,පවුල, වයිපරේ, ගෙදර පොලීසිය, භාර්යාව නැතිනම් ඔහුගේ ආර්‍යාව හෝ වෙනත් ඕනෑම නාමයකින් හැඳින්විය හැකි ජීවන සහකාරිය වන ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙමින් තිබෙන කයි කතන්දර අපහාසයට උපහාසයට හොඳය. ඉන් වැඩිම වින්දනයක් ලබන්නේ පිරිමින්ය.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කිරීම ගැන ගොට්ටන් නඟන එක් ප්‍රධාන මැසිවිල්ල වී ඇත්තේ ගෝඨා දිනන නිසා එය වැලැක්වීමට අධිකරණය හරහා කටයුතුකරන බවය. මෙය තාක්ෂණික කාරණා මතු කර කරන තකකඩි වැඩක් බවත් වැඩි දුරටත් සඳහන්ව තිබේ. එපමණකින් නොනැවතී නන්දෙගේ සුදුසුකම ජනතාවගෙ ඡන්දයෙන් විමසා බැලිය යුතු බවත් යෝජනා වී තිබිණි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගෝඨාභයට එල්ල වී ඇති කූට ලේඛන චෝදනා සහ අමරිකානු පුරවැසිභාවය සම්බන්ධ චෝදනා නිසා නාම යෝජනා භාර දීම සිදුකිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා විකල්ප අපේක්ෂකයකු ‍තෝරා ගැනීමේ සාකච්ඡාවක් මේවන විට පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයත් අතර පැවැත්වෙමින් තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද කොටාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අහිමි කිරීම සඳහා දෙමළ ජාතිවාදී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ අයිතිකරු බැසිල් රාජපක්ෂ මේ වන විට විශාල වෙහෙසක් දරමින් සිටින බව දැනගැනීමට තිබේ.

 2005 වසරට අදාළ ද්විත්ව පුරවැසි ලේඛනයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් අංක අතර නොගැලපීමක් සොයාගැනීමට විමර්ශකයන් සමත්ව තිබේ.

හිටපු හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සැලවීමත් සමඟ වඩාත් කළබලයට පත්ව ඇත්තේ රාජපක්ෂ කඳවුරට පක්ෂපාතී පිරිස්ය. සිංහල ඡන්ද දෙකට කඩන්න ආපු ඇමරිකන් එන්ජීඕ පිල්ලියක් බවට මේ වන විටත් මහේෂ්ව පත් කර තිබේ.

නන්දසේන ගෝඨාභය වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බැවින්, ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා පසුගිය සිකුරාදා (27) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කර සිටින නමුත් මියගොස් ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් හෙළි කර ගැනීමට හැකිව නැත.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිරසාර ප්‍රතිපත්තියක් වැඩපිලිවෙලක් සහ ඒ සඳහා හැකියාවක් ඇත්තේ තමන්ට බවට නන්දොඩවමින් සිටින් නන්දසෙන ගොඨාභය සහ ඔහුගේ අනුගාමිකයන්ට රාජ්‍ය බයල අත්පත් කර ගැනීමට හැකිවුවහොත් ජාතික ආරක්ෂාවට සිදුවන්නෙ කුමක්ද යන්න ඊයේ රත්‍රියේදී කිරින්ද පුහුල්වැල්ලේදි ප්‍රදර්ශනය කරන ලදී.

Connet With Us