උතුරෙන් දෙමළ ජාතිවාදී අපේක්ෂකයෙක් දාන්න බැසිල් බැහැලා වැඩ. විගී ලණුව නොකයි

Published in පුවත්
Monday, 30 September 2019 14:07

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද කොටාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට අහිමි කිරීම සඳහා දෙමළ ජාතිවාදී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පොදුජන පෙරමුණේ අයිතිකරු බැසිල් රාජපක්ෂ මේ වන විට විශාල වෙහෙසක් දරමින් සිටින බව දැනගැනීමට තිබේ.

මේ වන විට අන්තවාදී දෙමළ මතයක් නියෝජනය කරන දේශපාලන පක්ෂ කිහිපයක් සමඟම ඔහු සාකච්ඡා කර ඇති බවත් උතුරෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් සමඟ ද මේ වෙනුවෙන් සාක්ච්ඡා කර ඇතැයි පැවැසේ.

නන්දසේන ගොඨාභයට සුලු ජාතික ඡන්ද ලබා ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති නිසා ප්‍රතිවාදී අපේක්ෂකයාට ලැබෙන සුලු ජාතික ඡන්ද වැලැක්වීම ඔහුගේ අරමුණ වී තිබේ. 2005 වසරේ ජනාධිපතිවරණයේදීද මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහට උතුරු නැගෙනහිරෙන් ඡන්ද විශාල ප්‍රමාණක් ලැබීමට නියමිත බව පෙනෙන්නට තිබූ අතර එය වලක්වනු ලැබුවේ එල්ටීටීඊ සංවිධානය රුපියල් මිලියන ගනනක මුදල් ලබා දීම මඟින් දෙමල ජනතාවට ඡන්ද පොළට යෑම වලැක්වීමට කටයුතු කිරීමෙනි. එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ පරාජයට පත් වූයේ ඉතා සුළු පරතරයකින් වන අතර යම් හෙයකින් උතුරේ දෙමල ජාතික ඡන්ද ලක්ෂයකට ආසන්න ප්‍රමාණක් ලැබුනේ නම් ඔහු ජයග්‍රාහකයා වීමට ඉඩ තිබිණි.

මෙවරත් රාජපක්ෂලාගේ උපක්‍රමය වී ඇත්තේ එයමය. කෙසේ නමුත් ඊයේ සහ අද මෙරට මාධ්‍ය වල උතුරු පළාත් මහ ඇමැති විග්නේෂ්වරන් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවට පුවතක් පැල කර තිබුණු නමුත්..ඔහු අද මාධ්‍ය සාක්ච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කරන්නේ නන්දසේන බලයට පත්වීමට කිසිදු ලෙසකින් සහය වන ක්‍රියාමාර්ගයක් නොගන්නා බවය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us