නඩු දාන්නේ නන්දේ එයි කියලා බයට ද? විලි ලැජ්ජාවට ද ? Featured

Published in පුවත්
Tuesday, 01 October 2019 16:50

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පාර්ශ්ව කිහිපයක්ම කටයුතු කිරීම ගැන ගොට්ටන් නඟන එක් ප්‍රධාන මැසිවිල්ල වී ඇත්තේ ගෝඨා දිනන නිසා එය වැලැක්වීමට අධිකරණය හරහා කටයුතුකරන බවය. මෙය තාක්ෂණික කාරණා මතු කර කරන තකකඩි වැඩක් බවත් වැඩි දුරටත් සඳහන්ව තිබේ. එපමණකින් නොනැවතී නන්දෙගේ සුදුසුකම ජනතාවගෙ ඡන්දයෙන් විමසා බැලිය යුතු බවත් යෝජනා වී තිබිණි.

ගොට්ටන් විසින් මතු කරන කාරණා බරපතල සිත් රිදවීම් නිසා ඇතිව තිබෙන ශෝකාලාපයන් ලෙස සලකනවා විනා ඒවායේ ගත යුත්තක් නැත. මන්ද අද නන්දෙට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සිදු වන්නේ නන්දෙ ජනාධිපතිවරණයෙන් දිනන නිසා ගත් ක්‍රියා මාර්ග නොවන නිසාය. මෙම අධිකරණ ක්‍රියාමාර්ග යනු මෙරට නීතිය ප්‍රකාරව සිදු විය යුතු යමක් සිදු නොවෙන බව පෙනෙන නිසා ඒ විසඳා ගැනීමට කරන උත්සාහයක් පමණි. ඒ සඳහා මෙරට නීති ගරුක සෑම පුරවැසියකුටම අයිතියක් තිබේ.

නන්දෙට එරෙහිව තිබෙන වංචා දුෂණ අපරාධ චෝදනා සම්බන්ධයෙන් නීතිමය කටයුතු මීට වසර තුන හතරකට කලින් ආරම්බ වූ ඒවාය. එහෙත් දැන් වඩාත්ම ආන්දෝලනයට තුඩුව තිබෙන්නේ ඔහුගේ අමරිකානු පුරවැසිභාවය සහ මෙරට පුරවැසියකු ලෙස කූට ලේඛන සකසා ගැනිම ගැන චෝදනාවකි. ඒවා මතු වන්නේ නන්දසෙන මෙරට ජනධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ගත් තීරණයත් සමඟය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට සැපිරිය යුතු සුදුසුකම් කොන්දෙසී ආදිය තිබේ. ඒවා රහසිගත දේවල් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි එහි මූලික අවශ්‍යතා සඳහන් කර තිබේ. අනෙක් කාරණා ජනාධිපතිවරණ පනතෙහි සඳහන් කර තිබේ. මෙරට පුද්ගලයන් ලියා පදිංචි කිරීම සහ ආගමන විගමන කටයුතු සම්බන්ධ අණ පනත්වල නීති රීති තිබේ. දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධ විධිවිධාන පනතෙහි තවත් නීති තිබේ.. මේවා අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා අපේක්ෂාකරන පුද්ගලයකු ඊට තමන්ට ඇති නීත්‍යනුකූල අයිතිය තහවුරු කළ යුතුය.

එම නිත්‍යනුකූල භාවයන් මඟ හැර හෝ වංචනික ලෙස ඉදිරිපත් වන්නේ යැයි මෙරට යම් කිසිවූ පුරවැසියකුට සැක සංකාවක් වේ නම් එය නිරාකරණය කර ගැනිමට පුරවැසියාට අයිතියක් තිබේ. එසේම අදාල අපේක්ෂකයාටද තමන් නීත්‍යනුකූලව අපේක්ෂකත්වය වෙනුවෙන් අයදුම් කරන බව ඔප්පුකර පෙන්වා දීමේ යුතුකමක් වගකීමක් වෙයි. නන්දසේන ගෝඨාභය තමන් නීතියේ ආධිපත්‍යයට යටත් විනය ගරුක පුරවැසියකු ලෙස සිතනවානම් ඒ යුතුකම සහ වගවීම ඔහුගේ පක්ෂිකයාටත් සමස්ත පුරවැසියාටත් ඔප්පු කර පෙන්වීම කළ යුතුව තිබේ. අවංක විශ්වාසනීය අපේක්ෂකයකු ලෙස ඔහු මෙරට පුරවැසියා හමුවේ තහවුරු වන්නෙ ඒ අනුවය. එසේ නොවන තාක් කල් ඔහු සැකසහිත පුද්ගලයෙකි. ඒ කියන්නේ විශ්වාසයක් රැඳවිය හැකි පුද්ගලයකු නොවන බවය.
ඔහුට එරෙහිව පසුගිය කාලයේදී ගත් අධිකරණ ක්‍රියාමාර්ග දිගින් දිගට මඟ හැර යෑමට ඔහු ගත් උත්සාහයන් වලින් මේ වන විටත් ඔහු කිසිදු විශ්වාසයක් නැති අයකු බවට තහවුරුවක් ඇතිව තිබීම මත, අපේක්ෂකත්වය සම්බන්ධ චෝදනාවලදී ද ඔහු වරද කරුවකු බවට හැඟීමක් පුරවැසියා තුල ඇති වීම වැලැක්විය හැකි නොවේ.

අනෙක් කාරණය නම් ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද යන්න නන්දසේන ගෝඨාබය නොදැන සිටි කාරණයක් නොවේ. පුරවැසි භාවය සම්බන්ධ ගැටලුව නිසි පරිදි විසඳා ගත යුතුව තිබෙන බව ඔහු නොදැන සිටි කාරණයක් නොවේ. රටේ නීතිය ගැන ඉතා හොඳ දැනුමක් සහිතව සිටින නන්දසේනට තමන්ගේ අඩු පාඩු සකසා ගැනීමට වසර 4 කට වැඩි කාලයක් තිබිණි. ඒ නොතකා හැරීම, නඩු දමන මිනිසුන්ගේ වරදක් නොවේ. බයක් ද නොවේ. ලැජ්ජා නැති කමද නොවේ.

නීතියේ යහපාලනය ක්‍රියාත්මක වන රටකදී පුරවැසියාට හිමි නෛතික අයිතිය පුරවැසියා පාවිච්චි කිරීම ගැන ඊට එරෙහිව එකදු වචනයක් හෝ කිසිවකුට පැවැසිය නොහැක. මේ මොහොතේදී ගොට්ටන් විසින් මතු කරන කාරණාවලින් පැහැදිලි වෙන්නෙ ඔවුන්ට රටේ නීතියේ යහපැවැත්ම ඔවුන්ට වැඩක් නැති බවය. ඒ පෙර රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදී ඔවුන් කටයුතු කළ ආකාරයය. මරලා හරි බලය ගන්න ඕන යැයි කිවේද මොවුන්ය.

වැදගත්ම කරුණ නම් මේ මොහොතේදීත් ගොට්ටන් හැසිරෙන ආකාරයෙන් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ යළි රාජපක්ෂවරුන්ගේ මජර අනීතික ජඩ පාලනය රටට අවශ්‍යම නැති බවය. එය යළිත් පරාජය කළ යුතු බවය. තව දුරටත් යහපාලන මූල ධර්ම මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවැතිය යුතු බවය.

Last modified on Tuesday, 01 October 2019 21:32

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us