විධායකය අහෝසි කිරීමේ ටොපිය රැගෙන එන ' ජාතික අපේක්ෂකයා' කරූ Featured

Published in පුවත්
Sunday, 15 September 2019 02:47

අද දින එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කතානායක කරූ ජයසූරිය නම් කිරීමට බොහෝ ඉඩකඩ ඇති බව එජාපයේ තොරතුරු මාර්ග සඳහන් කරයි.. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම එකම සටන් පාඨය කර ගනිමින් ජයසූරිය මහතා එම කර්තව්‍යය වෙනුවෙන් 'ජාතික අපේක්ෂකයා' නමින් පොදු අපෙක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙනු ඇතැයි පැවැසේ.

ඒ අනුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා පසුගිය කාලයේ පෙළ ගැසුනු ජනතා විමුක්ති පෙරමුණ , දෙමළ සංධානය සහ ශ්‍රීලනීපය ද එම මහතාට සහයොගය දෙනු ඇතැයි අපේක්ෂා කරයි. එහෙත් මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ අගමැතිධුරය දරන රනිල් වික්‍රමසිංහගේ එම ධුරයත් පක්ෂ නායකත්වයත් වෙනස් නොකිරීමට කරූ ජයසූරිය එකඟ විය යුතු වීමයි. එසේම නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසගේ තනතුරටද හානියක් නොවිය යුතු වෙයි.

කෙසේ නමුත් විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවා යැයි කියමින් 1994 වසරේ සිටම ජනාධිපතිධුරයට පත් කිසිවකුත් එය අහොසි කළේ නැත. පසුගිය ජනාධිපතිවරණයට පෙර 2014 වසරේදී එජාපයද සිය ජාතික සමුලුවේදී එය අහෝසි කරන බවට යෝජනාවක් සම්මත කර ගත්තද එය සිදු වූයේ නැත. මේ නිසා විධායකය අහෝසි කරනවා යැයි කියමින් ගෙනෙන සටන් පාඨය ජනාධිපතිවරණය දිනා ගැනීම සඳහා වන තවත් රැවැටිලිකාර සටන් පාඨයක් පමණක් විය හැකිය.

පසුගිය මාසයේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා අගමැතිවරයා ජනාධිපතිවරයාට යෝජන කර තිබිණි. එහිදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගෙන් කළ විමසීමේදී ඔහු ඊට එක හෙළාම විරුද්ධ වී තිබිණි.

මෙ අතර ඊයේ සජිත් ප්‍රේමදාස සිය ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සෙසු පක්ෂවල එකඟතාවය ලබා ගැනීම සඳහා ඇමැති මංගල සමරවීරගේ නිවසේ පැවැති සාකච්ඡාව සාර්ථකව අවසන්ව තිබේ. එහිදී එම පක්ෂ නායකයන් එජාප අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රෙමදාසගේ ඉදිරිපත් වීම පිළිගෙන ඇත..

කෙසේ නමුත් අද දිනයේදී අගමැතිවරයා සමඟ වන සාකච්ඡාවලින් අනතුරුව එජාප අපේක්ෂකය කවුද යන්න නිශ්චිතව තීන්දු කෙරෙනු ඇති බවත් එජාප පක්ෂ ආරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us