4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදයට ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් දොඩම්ගොඩ

Published in පුවත්
Sunday, 15 September 2019 14:00

කොන්රාඩ් ඇඩනෝආර් පදනම සහ සිංගප්පූරුවේ එස්. රාජරත්නම් ජාත්‍යන්තර අධ්‍යයන පීඨය විසින් සංවිධානය කරන 4 වැනි ආසියා - යුරෝපා ප්‍රති-ත්‍රස්ත සංවාදය (4th Asia- Europe Counter- Terrorism Dialogue 2019) සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ දිනේෂ් දොඩම්ගොඩ මහතා ආරාධනා ලැබ සිටියි.

"අන්තවාදී ප්‍රචණ්ඩත්වය වැලැක්වීම සහ මැඩලීම සඳහා සිවිල් සංවිධාන සහයෝගිතාවය" යන මැයෙන් මැලේසියාවේ, ක්වාලම්පුර්හි මේ මස 17 දා සිට 19 දා දක්වා මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ.

බ්‍රිතාන්‍ය රාජකීය යුධ හමුදා විද්‍යා පීඨයේ ගෝලීය ආරක්ෂාව පිළිබද පශ්චාත් උපාධිධරයෙකු වන දොඩම්ගොඩ මහතා, ජාතික ආරක්ෂාව පිළිබඳ ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභීයෙකි. ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲ සරසවියේ ත්‍රස්තවාදය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වය පිළිබද මධ්‍යස්ථානයේ සහ බ්‍රිතාන්‍ය නිව් කාසල් සරසවියේ ත්‍රස්තවාදීන්ගේ මාධ්‍ය භාවිතාව සහ සිය දිවි නසා ගැනීමේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පර්යේෂකයෙකු ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ඔහු, වෘත්තියෙන් නීතිඥයෙකු වන අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

 

4th Asia- Europe Counter- Terrorism Dialogue 2019

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us