ඇමැතිට හොරෙන් බාර් ලයිසන් 84ක් දීලා...

Published in පුවත්
Sunday, 15 September 2019 14:24

 තම අනුමැතියකින් තොරව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 සහ 2018 වසර වලදී සුරාසැල් බලපත්‍ර ලබාදී ඇත්තේ කෙසේදැයි වහා පරීක්ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර, සුරාබදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ වෙත නියෝග කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් අනුගමනය කරන ලද පිළිවෙත අනුව සුරාබදු බලපත්‍රයක් නිකුත් කළ සෑම අවස්ථාවකදීම විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගැනීම හෝ අමාත්‍යවරයා වෙත දැනුම්දීමක් හෝ සිදු කෙරේ.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 2017 වසරට අලුතින් සුරාබදු බලපත්‍ර 10 ක්ද, 2018 වසරට බලපත්‍ර 74 ක්ද නිකුත් කර ඇත.

ඒ සඳහා සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදනවල සඳහන් පරිදි මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියක් ලබාගෙන හෝ අමාත්‍යවරයා වෙත දැනුම් දීමක් හෝ කර නොමැති බව වාර්තාවේ. සුරාබදු ආඥා පනත යටතේ විෂයභාර අමාත්‍යවරයා විසින් අවශ්‍යයැයි තීරණය කළ අවස්ථාවකදී හේතු දැන්වීමකින් තොරව සුරාබදු බලපත්‍රයක් ප්‍රදානයකිරීමට, අලුත්කිරීමට හෝ අවලංගු කිරීමට අමාත්‍යවරයා වෙත බලය පැවරී ඇත.

2017 හා 2018 වසර වලදී මෙසේ අමාත්‍යවරයාට දැනුම්දීමකින් තොරව ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව පරීක්ෂණයක් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නියෝගය පරිදි දැනටමත් ආරම්භ කර ඇතැයි සුරා බදු කොමසාරිස් ජනරාල් එච්.ජී.සුමනසිංහ පැවසීය.

සුරාබදු පනතේ විධිවිධාන පරිදි සුදුසුකම් නොමැති අයට බලපත්‍රලබාදී ඇත්නම් නැතහොත් බලපත්‍ර ලබාදීමේදී යම් දූෂණයක් සිදුව ඇති බවට මෙම පරීක්ෂණවලදී තහවුරු වුවහොත් එවන් බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව සුරා බදු කොමසාරිස් ජනරාල් එච්.ජී. සුමනසිංහ පැවසීය.

නව නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් ලබාදී නොමැත - සුරාබදු කොමසාරිස්

ජනරාල්සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නව නිෂ්පාදනාගාර බලපත්‍ර හතරක් නිකුත් කිරීමට කටයුතු කරමින්තිබෙන බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රචාරය වූ වාර්තාව සම්පූර්ණඅසත්‍යයකි.

මෙම වසර තුළ මත්පැන් නිෂ්පාදනාගාර බලපත්‍ර කිසිවක් සුරා බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර නොමැති බව සුරා බදු කොමසාරිස් ජනරාල් එච්.ජී.සුමනසිංහ අවධාරණය කරයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us