ගෝඨා කියන්නෙ කල්ල‍තෝනියෙක්. නලීන් ද සිල්වාගේ පැහැදිලි කිරීම එසේය Featured

Saturday, 14 September 2019 03:10

දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඒ අනුව කල්ල‍තෝනි යනු ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් හොර රහසේ පැමිණෙන්නන්ය. කල්ලතෝනි ප්‍රශ්නය ස්වදේශික ජනතාවට මහත් පිලිලයක් වෙයි. කිසිදු අවසර පත්‍රයකින් තොරව පැමිණෙන කල්ලතෝනින් පැල පදියම් වන ප්‍රදේශවල විවිධ වෘත්තීන්වල නිරත වෙයි. අනතුරුව ඔවුන් එම ප්‍රදේශවලම ගල් විය.

මෙසේ ගල්වූ කල්ල‍තෝනී සමහරෙක් ගම්බිම් වල බින්න බැස්සෝය. ප්‍රදේශයේ ඌරුවට හැඩවැඩ වී ලොක්කන්ට ගොට්ට ඇල්ලුවේය. එයින් තාන්න මාන්න ලැබුවේය. ව්‍යාපාරද කළේය. අන්තිමට ප්‍රදේශ පාලනය කරන ලොක්කන් බවටද පත් විය. (මෙම පැහැදිලි කිරීම උපුටා ගත්තේ Mahinda for Brighter Future පිටුවෙනි)

කල්ල‍තෝනින්ගේ කතාව මතක් වූයේ නන්දසෙන ගෝඨාභයගේ අගසව්වන් දෙදෙනා වන විමල් වීරවංශ සහ උදය ගම්මන් පිළ යන සිංහල ජාතිවාදී ගෝත්‍රිකයන් දෙදෙනාගේ න්‍යාචාර්යවරයා වන මහචාර්ය නලීන්ද සිල්වා ලියා ඇති සටහනක් කියවීම නිසාය.

ඔහු නන්දසේන ගෝඨාභය කිසිදු පක්ෂයකට අයත් නැති ජනාධිපති අපේක්ෂකයෙක් බව කියයි.

ඔහුගේ කාලය වෙබ් අඩවියෙහි මෙසේ සටහන් කර තිබේ.

'.......ගෝඨාභය ඉදිරිපත් කරනු ලැබුයේ මහා සංඝයා වහන්සේ හා දේශප්‍රේමී ජනතාව විසින්. පසුගිය දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සිදු වූයේ පොහොට්ටුව ගෝඨාභයට සහාය දීම ප්‍රකාශ කිරීමක් පමණයි. එහි දී මහින්ද කියා සිටියේ ජනතාව ගෝඨාභය ඉදිරිපත් කර ඇති බවත් තමා හා පොහොට්ටුව එය අනුමත කරන බවත්.

'.....ගෝඨාභය පොහොට්ටුවේ අපේක්‍ෂකයා බව කීම වැරදි මතයක් ප්‍රකාශ කිරීමක්. ඒ වැරැද්දට ජනමාධ්‍යයත් වග කියන්න ඕන. පොහොට්ටුවේ ඇතැමුන්ගේ උද්ධච්ඡ කතාත් එයට බලපානවා.

'......ගෝඨාභයගේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ල නි ප පොදු ජන පෙරමුණ අතර එකඟත්වයක් අනිවාර්යයෙන් ම තියෙන්න ඕන. මුස්ලිම් පක්‍ෂ ගැන නොව පොහොට්ටුව ශ්‍රී ල නි පක්‍ෂය ගැන සිතිය යුතුයි. ශ්‍රී ල නි පක්‍ෂය සමග එකඟතාවක් ඇති කර නොගෙන මුස්ලිම් නායකයන් විවේචනය නොකර සිටීමෙන් පොහොට්ටුව කරන්නේ වරදක්.

'.....ගෝඨාභය අප්‍රසිද්ධ පක්‍ෂයකින් තරග කළා නම් මා වඩාත් කැමතියි. එහෙත් එය කළ නොහැකි නම් දැනට සුදුසු ම ක්‍රියා මාර්ගය පොහොට්ටුවේ සාමාජිකයකු නොවී පොහොට්ටුවෙන් තරග කිරීමයි. ගෝඨාභය ජාතික අපේක්‍ෂකයා මිස පක්‍ෂයක අපේක්‍ෂකයා නො වෙයි. ගෝඨාභය කිසි දිනෙක පක්‍ෂයක සාමාජිකයකු නොවිය යුතු බව මා නැවතත් අවධාරණය කරනවා. ..'

නන්දසේන ගෝඨාබය කියන්නෙ තවමත් අමරිකානු පුරවැසියෙකි. ඔහු ශ්‍රී ලාංකික පුරවැසියකු වීම වෙනුවෙන් කළ කී දේ සියල්ලම පාහේ වංචනික කටයුතුය. ඡන්ද නාමලේඛනයට නම දමා ගැනීම. මෙරට ද්විත්ව පුරවසිභාවය ලබා ගැනීම. පසුව අමරිකානු පුරවැසි භාවය ඉවත් කර ගත්තා යනුවෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම සහ ප්‍රකාශ කිරීම, අමරිකානු පුරවැසිභාවය නිත්‍යානුකූලව ඉවත් කර නොගෙන සිටියදී මෙරට පුරවැසියකු ලෙස දිවිත්ව පුරවැසිභාවය තිබියදී එය නිත්‍යානුකූලව ඉවත් කර ගැනීමකින් තොරව මෙරට පුරවාසියකු ලෙස ජාතික හැඳුම් පතක් සකසා ගැනීම සහ මෙරට ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම දක්වාම වංචනික ක්‍රියාවලියක යෙදී සිටියේය. ඔහු මෙරට පැලපදියම් වන්නේ වංචනික ක්‍රියාමාර්ග හරහාය.. හරියට අර කල්ල‍තෝනින් මෙනි.

2005 සිට මෙරට ලොකු ලොක්කන්ගේ (තම ජනාධිපති සහොදරයාගේ, සංඝයාගේ,ජාතිවාදී නායකයන්ගේ.... ) සහයෙන් මෙහි පැලපදියම් වී ගල් වී දැන් රටේ පලනය ඩැහැගැනීමට උත්සහ කරයි. හරියට කල්ලතොනින් මෙනි.

දැන් නලීන්ද සිල්වා කරන ප්‍රකාශය අනුවද පැහැදිලි වෙන්නේ. නන්දසේන‍ කල්ලතෝනියෙකු බවය. නැත්නම් එසේ විය යුතුම බවය. ඔහුට පක්ෂයක හිමිකමක් නැත. පක්ෂයකට ඇතුලත් විය යුතුද නැත. පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වූවත් ඔහු ඊට අයත් නැත. කිසිදා ඊට ඇතුලත් විය යුතුත් නැත. එනම් මෙතනදී කරන්නේ ද වංචනික කටයුත්තකි.. පොදුජන පෙරමුණේ අපේක්ෂකයා (ඡන්ද පත්‍රකාවේ සඳහන් වන්නේ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙසය ) ලෙස ඔහු ඉදිරිපත් වීම එම පක්ෂයේ පාක්ෂිකයන් රැවටීමකි. එම පාක්ෂික සිංහල ජාත්වාදීන් රැවැටීමකි. එම පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් බලයට පත් වී ඔවුන්ව ඇත් හැරීමය. එසේම මෙහිදී පොදුජන පෙරමුණට සහය දක්වන අනෙකුත් පක්ෂ සම්බන්ධයෙන්ද එම ප්‍රතිපත්තියම වෙයි.. ජාතික (කාටවත් අයිති නැති) අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ඒ සියලු පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පත් වී ජාතික නායකයා ලෙස ඔහු සිටිය යුතුය. නමුත් ඒ කිසිවෙක් සම්බන්ධයෙන් බැදිමක් නැත. කල්ල‍තෝනියාද එසේමය.. මොන ලොකු තනතුරු දරුවත් කල්ලතෝනියා, කල්ලොතෝනියාමය. අමරිකන් පුරවැසියා, අමරිකන් පුරවැසියාමය. හොරා හොරාමය.

නලීන්ද සිල්වා හරියටම මේ දේ පැහැදිලි කර කීම ගැන ඔහුට ස්තූති විය යුතුය.

Last modified on Saturday, 14 September 2019 03:12

Leave a comment

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us