ලිමිනිට ලිමිටඩ් නැතිව වාසනාව ගෙනෙන නාමල්ගේ ධන නිධානයෙන් බිඳක් Featured

Published in පුවත්
Friday, 13 September 2019 21:11

මහින්ද රාජපක්ෂගේ වැඩිමහල් පුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ යුග දිවියට එළඹ තිබේ.  ඒ වෙනුවෙන් අපේ සුභපැතුම්ද මෙසේ එකතු කර සිටිමු.  නාමල් රාජපක්ෂ කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.  ඔහු යැපෙන්නෙ ඉන් ලද ආදායමෙනි. කොහොම නමුත් මන්ත්‍රීවරයකු වූ ඔහු 2010 සිට හම්බ කරගත් යමක් සිය පවුල් ජීවිතය සාර්ථකව පවත්වා ගැනීම වෙනුවෙන් ඉතිරි කරගෙන ද ඇති බැව් කල්පනා කළ හැකිය. යහපත් ස්වාමිපුරුෂයකු ලෙස පවුලේ දියුණුව තකා අරපිරිමැස්මෙන් සකසුරුවමින්  වැඩ කරන එක අපේ ශ්‍රීලාංකීය සංස්කෘතිය අනුව ඉහළින්ම වර්ණනාවට භාජනය වන්නකි.

නාමල්ද එසේ වනු ඇතැයි සිතමු.  කොහොම නමුත් නාමල් හා අතිනත ගත් යුවතිය නම් පෙර වාසනා මහිමය උරුම කරගත් එකියක බව අමුතුවෙන් කිව යුතු නැත. සිය සැමියා රැස් කරගෙන තිබෙන බලය, කීර්තිය සහ ධන නිධානයන් හී පංගුකාරියක වන්නට ඇය හැබෑම වසනාවන්තියකි.  

නාමල්ගේ 'බලය සහ කීර්තිය' මොනවගේද යන්න ගැන මේ රටේ මිනිස්සුන්ට කියා පහදා දිය යුතු නැත. ඒ 2005 සිටම මේ රටේ මිනිස්සු ඇස් දෙකෙන් දැක්කේය.. කන්දෙකෙන් අසුවේය.  නමුත් 'ධන නිධානයන්' ගැන තිබෙන දැනුම නම් ඒ තරම් නොවන බව කිව යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලබන වැ‍ටුප හා එම දීමනාවන් හැර ඔහුගේ ජීවිත කාලය පුරා වෙනත් නිල/ නීත්‍යානුකූල ආදායම් මාර්ග තිබුණේ නැති බව කවුරුත් දන්නා කතාවකි. නීතිඥයකු වුවත් ඔහු නඩු හබ පටලවාගෙන ආදායම් ලබනවා දැයි දන්නා කෙනෙකු නැත.  නමුත් ගැටලුව ඇත්තේ  නාමල් මෙතෙක් සන්තක කොට ගෙන ඇතැයි කියන දේපොළ  මිළදී ගැනීම් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වැ‍ටුප ප්‍රමාණවත් වූයේ කෙසේද යන්න ගැනය.

නාමල්ට එරෙහිව වන මුල්‍ය අපරාධ චෝදනා ගනනාවක් සම්බන්ධයෙන්  විමර්ශන ගනනාවක් මීට වසර කිහිපයකට පෙර ඇරඹී තිබිණි. ඒවා තවමත් සිදු වෙනවා ඇතැයි සිතමු.  එහෙත් තවමත් වැරැද්දකට දඬුවම් නැත. නඩුත් නැත. එය ද ඔහුගේ ද ලිමිණිගේ ද වාසනාව විය හැකිය.  


මේ පහතින් පළ වන්නේ නාමල් අත්පත් කර ගත් යම් දේපොළක් ගැනය. එනම්  මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) විසින් පවත්වමින් තිබෙන  විමර්ශන වලදී සොයාගත් දේපොළ වත්කම් සම්බන්ධ තොරතුරු කිහිපයකි. 

•  2013-02 -02  දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4107 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති රුපියල් ලක්ෂ 16 ක් විටිනා ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 16 කි.

•  2014-08-11 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4133 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාවඩම ග්‍රාම සේවා වසමේ සියඹලාගහ කොරටුව සියඹලාවත්ත නමැති ඉඩම. වටිනාකම –  රුපියල් ලක්ෂ 20 කි.

• 2014-01-06 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4093 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ නමැති ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 17 කි.

• 2014-01-04 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4088 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කැලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර පිහිටි ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 24 කි.

•  2014-02-02 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13878 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවා පත්තුවේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගල්ල නගර සභා සීමාව තුළ ඉදිපොකුණවල උතුර ග්‍රාම සේවා වසමේ පැන්නපිටිය පාරේ වරිපනම් අංක 29-බී, නමැති ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 150 කි.

•  2014 -01-06 දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 4091 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 17 කි.

•   2014-01-06 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 40XX දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තු හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාලියපුර ග්‍රාම සේවා වසමේ සිරිබෝපුර කැලේ පිහිටි ඉඩම. වටිනාකම – රුපියල් ලක්ෂ 17කි.

•  2013-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13715 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උතුරු ගිරුවාපත්තුවේ වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  ……… ඉඩම. වටිනාකම –  රුපියල් ලක්ෂ 16 කි.

•  2014-06-13 වන දින මිලදී ගෙන ඇති ඔප්පු අංක 13714 දරණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දකුණු ගිරුවාපත්තුවේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගල්ල නගර සීමාව තුළ ඉදිපොකුණගොඩ උතුර ග්‍රාම සේවා වසමේ ඇන්නපිටිය පාරේ පිහිටි උග්ගහ කොරටුව හෙවත් කොස්ගහවත්ත පිහිටි ඉඩම. වටිනාකම –  රුපියල් ලක්ෂ 4 කි.

•  කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 160ක් තැන්පත් කිරීම.

•  සම්පත් බැංකුවේ 2013 හා 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 240 ක් තැන්පත් කිරීම.

•  වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 60 ක් ආයෝජනය.

•  ඩෙවොට් ලිමිටඩ් ආයතනයේ 2013 හා 2014 වර්ෂ සඳහා රුපියල් ලක්ෂ 30ක් ආයෝජනය.

•  කොටස් වෙළඳ පොළ 2013 සහ 2014 වර්ෂය සඳහා රුපියල් ලක්ෂ 140 ක් ආයෝජනය.

•  රුපියල් ලක්ෂ 1000 ක් වටිනා හොල්ස්කෝප් සමාගම 2013 වර්ෂයේ දී මිලදී ගැනීම.

•  ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ගත් ඇමෙරිකන් ඩොලර් මිලියන 05 ක මුදලින් නාමල් රාජපක්ෂ මහතාට ෂැංගොල් ඩේ හෝටලයේ කොටස් මිලදී ගැනීම වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂ 1575 ක මුදලක් පෑන් ඒෂියා බැංකුවේ ඇම්ට්‍රෑඩ් හෝල්ඩින් පුද්ගලික සමාගම පවත්වාගෙන යන ගිණුමේ තැන්පත් කර තිබීණි.

•  මෙරට ආයෝජනයක පැමිණි ඉන්දියානු ක්‍රිස් සමාගමෙන් රගර් ක්‍රීඩාව සඳහා යැයි කියමින්  රු. කෝටි 7 ක අල්ලස් මුදලක් ලබා ගැනීම නිසා  කළු සල්ලි සුදු කිරීමේ චෝදනාවට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබේ.

•  නාමල් විසින් අයත ගනුදෙනු වෙනුවෙන් පිහි‍ටුවා ගනු  සමාගමක් වන ගවර්ස් කෝපරේට් නම් සමාගම හරහා රුපියල් කෝටි ගනනක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන්ද චෝදනාවක් විමර්ශනය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලියක්ද සිදුවෙයි.

•  (ඩොලර් බිලියන ගනනක් තිබෙනවාය කියන ඩුබායි බැංකු ගිණුම් වල නාමල්ගේ කොටහා ගැන තොරතුරු මෙතැන නැත. රාජපක්ෂලාගේ ඩුබායිහි එක් ගිණුමක ඩොලර් මිලියන 1086 ක්ද, තවත් ගිණුමක ‍ඩොලර් මිලියන 1800 ක් ද, තවත් ගිණුමක ඩොලර් මිලියන 500 ක් ද තිබෙන බවත් එම මුදල් උදයංග වීරතුංග හරහා යුක්රේනයට ඇද තිබෙන බවත් හෙළි විය  )


                         

Last modified on Friday, 13 September 2019 21:12

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us