රූපවාහිනිය පවරා ගැනීමට එරෙහිව එජාපයෙන් නීතිමය පියවර

Published in පුවත්
Friday, 13 September 2019 17:45

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතේ වන ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ඇමැති රාජිත සේනාරත්න පවසයි.

පසුගිය 10 වෙනිදා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් මෙම පවරා ගැනීම හදිස්සියෙම සිදු කොට තිබිණි .එහෙත් අවම වශයෙන් විශයභාර ඇමැති රුවන් විජේවර්ධන හෝ මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර තිබුණේ නැත. මෙම පවරා ගැනීම එජාපයේ අභ්‍යන්තර දේශපාලන අර්බුධයේ ප්‍රතිපලයක් බවට නැගෙන අදහස ඇමැති රාජිත ප්‍රතික්ෂේප කරයි. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කිරීමට දරණ උත්සාහය සහ ජනාධිපතිවරයා ඔහුට සහය පළ කරන ස්ථාවරයේ සිටීම මත මෙම පවරා ගැනිම සිදු කරන්නට හේතුවක් විය හැකි බවට මතයක් පසුගිය දිනවල පැතිර තිබිණි. 

කෙසේ නමුත් ඇමැතිරයා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ගැ‍ටුමක් නොවිය යුතු බවය.

කෙසේ නමුත් මෙම පවරා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන ගනනාවක්ද විරෝධය පලවී තිබිණි.

මෙම සිදු වීමට ආසන්න හේතුව වී තිබුණේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිනි ඉනෝකා සත්‍යාංගනී ඉවත් කර වෙනත් සභාපතිවරයකු පත් කිරීමට ඇමැති රුවන් විජේවර්ධන කටයුතු කිරීම නිසා ඇතිව තිබූ ගැ‍ටුම්කාරිත්වයය..

ජාතික රුපවහිනියේ සභාපතිධුරය උසුලන ඉනෝකා සත්‍යාංගනී මහත්මියට එම ධුරයෙන් ඉවත් වන ලෙස මිට පෙර ද ඇමැති රුවන් විජේවර්ධන විසින් නියෝග කර තිබුණත් රාජ්‍ය ඇමැතිවරයකුට එවැනි නියෝග ලබා දිමට අයිතියක් නොමැති බව කියමින් සත්‍යාංගනී මහත්මිය තව දුරටත් එම ධුරයෙහි කටයුතු කරමින් සිටියාය. සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වන කමි‍ටුව ද නව යෝජනා ප්‍රතික්ෂේප කර තිබිණි. ඉනෝකා සත්‍යාංගනී ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ කැමැත්ත හිමිව තිබුණේ නැත.
ඉනෝකා සත්‍යාංගනී රුපවාහිනී සභාපතිධුරය පත් කරනු ලැබුවේ එවකට ජනමධ්‍ය ඇමැති මංගල සමරවීර විසිනි.

සැබැඳි පුවත්:

 ජාතික රුපවාහිනියේ කචල්... රුවන්ගේ සභාපති යකා නටයි 

 ජාත්‍යන්තරයට උත්තර දෙන්න ඉන්දියානු සමාගමකට කොන්ත්‍රාත් දීලා. ලේක්හවුස් සල්ලිත් අදියි.

 ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු ...

 රුපවාහිනිය නාය යන ලකුණු.. අධ්‍යක්ෂ ජනරාල් උසාවියේ පදිංචි වෙයි

Last modified on Friday, 13 September 2019 17:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us