ජාතික රුපවාහිනියේ කචල්... රුවන්ගේ සභාපති යකා නටයි

Published in පුවත්
Monday, 22 July 2019 13:33

ජාතික රුපවහිනියේ නව සභාපතිවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධන විසින් පත් කරන ලද සංජීව විජේගුණවර්ධන නැමැත්තෙකු අද දින රූපවාහිනී පරිශ්‍රයට පැමිණ තමන් නව සභාපති බවත් තමාට සභපතිවරයාගේ කාමරය ලබා දිය යුතු බවත් කියමින් එම පරිපාලන නිළධාරීන් ඉදිරියේ යකා නටමින් සිටින බව වාර්තා වේ.

ජාතික රුපවහිනියේ සභාපතිධුරය උසුලන ඉනෝකා සත්‍යාංගනී මහත්මියට එම ධුරයෙන් ඉවත් වන ලෙස මිට පෙර ඇමැති රුවන් විජේවර්ධන විසින් නියෝග කර තිබුණත් රාජ්‍ය ඇමැතිවරයකුට එවැනි නියෝග ලබා දිමට අයිතියක් නොමැති බව කියමින් සත්‍යාංගනී මහත්මිය තව දුරටත් එම ධුරයෙහි කටයුතු කරමින් සිටියාය. 

කෙසේ නමුත් මෙම සංජීව විජෙගුණවර්ධන නැමැත්තා සභාපතිධුරයට නම් කිරීමෙන් පසු සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් වන කමි‍ටුවට දැන්වීමට ඇමැතිවරයා කටයුතු කර තිබු නමුත් එම යෝජනාව එම කමි‍ටුව විසින් ප්‍රතික්ෂේපකර තිබිණි. ඒ ජනාධිපතිවරයා විසින් ඊට අනුමැතිය ලබා නොදීම නිසාය.

එහෙත් පසුගිය 18 වැනිදා සංජීව විගේගුණවර්ධන මහතාට රූපවාහිනියේ සභාපතිධුරය බාරගෙන තමාට දන්වන ලෙස ඉල්ලමින් ඇමැති රුවන් විජේවර්ධන ඔහුට ලිපියක් යොමුකොට ඇත. අද දින පෙරවරුවේ සංජීව නැමැත්තා ජාතික රූපවාහිනියට ගොස් ඇත්තේ එම ලිපියද රැගෙනය. අදාල තනතුරු සඳහා වන කමි‍ටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු අයකු සභාපතිවරයා ලෙස පිළිගැනිමට නොහැකි බව කියමින් ආයතනයේ පරිපාලනය ඔහුට දැනුම් දී ඇත. මේ නිසා උණුසුම් වාතාවරණයක් ඇතිව තිබේ,

මීට පෙර අවස්ථාවකදී ද සත්‍යාංගනී මහත්මියව ඉවත් කර සුදර්ශන ගුණවර්ධන එම තනතුරට පත් කිරීම සඳහා යෝජනා කළ අවස්ථාවේදීදි අදාල කමි‍ටුව ඊට එකඟ වූ නමුත් ඊට ජනාධිපතිවරය අකමැති විය. පසුව ශාන් විජේතුංගව යෝජනා කළ නමුත් ඊට අදාල කමි‍ටුව විසින් ඔහුගේ නම ප්‍රතික්ෂේපකර තිබිණි.
කෙසේ නමුත් ඉනෝකා සත්‍යංගනී එක්සත් ජාතික පක්ෂයට හිත්වත් අයකු වේ. ඇයගේ පියා අසූව දශකයේ එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද කටයුතු කළ අයකු වන අතර 1988 දී ජවිපේ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔහුව ඝාතනය කර තිබේ.ජාතික රුපවහිනියේ සභාපතිධුරයට ඉනෝකා සත්‍යාංගනී මහත්මියව පත් කරන ලද්දෙ එවකට ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර විසිනි.

slrc 1

Last modified on Monday, 22 July 2019 13:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us