කරූට සජිත්ට නැති ජවිපෙ, ටීඑන්ඒ සහය රනිල්ට ??? Featured

Published in පුවත්
Friday, 13 September 2019 11:45

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස කරූ ජයසුරියගේ සහ සජිත් ප්‍රේමදාසගේ ඉදිරිපත් වීම් දෙකම පිළිගෙන ඇති අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට ඒ වෙනුවෙන් සපුරා ලිය යුතු කොන්දෙසි වෙන වෙනම පනවා ඇත.

ඒ අනුව කරූ ජයසූරිය ජනතා විමුක්ති පෙරමුණේ සහය ලබා ගත යුතුය..සජිත් ප්‍රේමදාස දෙමළ ජාතික සන්ධනයේ සහය ලබා ගත යුතුය. එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ අනෙකුත් පක්ෂ වල සහය කොහොමත් එජාපයෙන් ඉදිරිපත් කරන ඒ දෙදෙනාගෙන් කවර අපේක්ෂකයකුට හෝ ලබා දෙන බවට මේ වන විට එකඟ වී තිබේ.

කරූ සජිත් දෙදෙනාට අමතර එජාප ජනාධිපති අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටිනෙ එජාප නායක රනිල් වික්‍රමසිංහය. ඔහු අන් අයට එම කොන්දේසි දමන්නේ ඔහුට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානයේ සහය මේ වන විටත් ලැබී තිබෙන නිසාද යන්න මෙහිදී මතුවෙන සැකයකි.

ජවිපෙ සහ දෙමළ සන්ධානය රනිල් වික්‍රමසිංහට සහය පළ කර තිබේ නම් අනෙකුත් පක්ෂවල සහයත් ලැබේ නම් ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වීම එජාපයට වඩා සුබදායක වනු ඇත. එහෙත් ජවිපෙ හෝ දෙමළ සන්ධානය එහෙම තමන්ගේ සහය රනිල්ට ලබා දෙන බව මෙතෙක් ප්‍රකාශ කර නැත. ඒ අතර දෙමළ සන්ධානය සහ ජවිපෙ අතරද යම් එකඟතාවයන් සඳහා සාකච්ඡාවන් පැවැත් වෙන බවත් දේශපාලන අරංචි මාර්ග පවසයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us