මෙම චෝදනාව එල්ලවූ මුල් අවස්ථාවේදීම අත් අඩංගුවෙන් වැලැකී සිටීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට ඔහුට හැකි වූවත් චෝදනා අසත්‍ය බව ඔපු කිරීමට හැකි වූයේ නැත. අවසන් වශයෙන් පසුගියදා ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවේ මෙම චෝදනා විභාගය කිරීමට තීරණය කිරීමත් සමඟ නන්දසේන සූදානම් වූයේ ඊට මුහුණ දී තමන්ගේ ඇති නිර්දෝශී භාවය ඔප්පු කිරීමට කටයුතු කිරීම නොවේ..එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය දෝශ සහිත යැයි කියා එම චෝදනාවලින් ගැලවීමටය.
ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුවේ චෝදනා ඉදිරිපත් කර තිබෙන ආකාරය කුමක් වූවත් පැහැදිලිවම කිව හැක්කේ මෙම චෝදනා අසත්‍ය යැයි නන්දසේනට ඔප්පු කර ගැනීමේ හැකියාවක් නොමැති බවය.
නීතියේ තිබෙන යම් හම් දුර්වලත උපයෝගි කරගෙන අධිකරණයට ඉදිරිපත්ව ඇති චෝදනා මඟ හැර යෑමට ෂෝර්ට් කට් සෙවීමට ඔහු උත්සහ දරන්නෙ එබැවිනි,
එහෙත් චෝදනාවන්ගේ ඇති සත්‍ය අසත්‍යතාවය ගැන හිටපු විගණකාධිපතිවරයාද විමර්ශනයක් සිදුකර තිබිණි.. ඒ අනුව ඔහු සිදු කළ වැරදි ඉතා පැහැදිලිව සටහන්ව තිබේ. එය බොරු යැයි කිසිවකුට කිව හැකි නොවේ.
විගණකාධිපති ගාමිණි විජේසිංහ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පහත දක්වා ඇත.
පොදු දේපළ පනත යටතේ අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය 2017 නොවැම්බර් මාසයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සුදනම්වූ අතර එම අවස්ථාවේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පොදූ දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට නන්දසේන ගෝඨාභයට හැකි විය. එලෙස පනවා තිබු නඩුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු හතර දෙනෙකු ඉවත්වීම ද සිදුව තිබුණු අතර ඊට හේතුව තවමත් අපහැදිලිය.
මෙම චෝදනාවට අමතරව මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණවලින්ද ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදී තිබේ.
නීතිපතිවරයා විසින් ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ත්‍රීපුද්ගල මහාධිකරණය හමුවෙ ගොනු කරනු ලැබ තිබේ.
සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න මෙම නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කරයි.