වත්කම් බැරකම් ප්‍රකාශ නොකළැයි ඇමැතිවරු 8 කට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිළි

Published in පුවත්
Wednesday, 11 September 2019 02:03

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කරමින් වර්ථමාන 2019 වර්ෂයට අදාලව වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති අමාත්‍යවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලා ඇත.

ඒ අනුව 2019 අගෝස්තු 28 වන දින ලැබුන තොරතුරු අනුව අමාත්‍යවරුන් 8දෙනෙකු වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති බැවින් 2019 සැප්තැම්බර් 10 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

චෝදනා ලැබූ අමාත්‍යවරුන්

සජිත් ප්‍රේමදාස මහතා
නවීන් දිසානායක මහතා
හරීන් ප්‍රනාන්දු මහතා
එම් එච් ඒ හලීම් මහතා
අකිල විරාජ් කාරියවසම් මහතා
රවී කරුණානායක මහතා
ගයන්ත කරුණාතිලක මහතා
මනෝ ගනේෂන් මහතා

නීති තත්වය - මුල් වත්කම් බැරකම් ප්‍රකාශය

වත්කම් බැරකම් ප්‍රකාශන පනතේ 3(2) වගන්තිය අනුව අමාත්‍යධුරයට පත් වූ අයෙක් පත්වූ දිනයේ පවතින වත්කම් හා බැරකම් පිලිබද ප්‍රකාශයක් එම තනතුරට පත්වීමෙන් මාස 3ක් තුල භාරදිය යුතුය පනතේ 4(අ) ෂෂ වගන්තියට අනුව අමාත්‍යවරුවන් වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුත්තේ ජනාධිපතිවරයාටය.

වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ

ඉන් පසුව වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම පිලිබදව ප්‍රතිපාදන ඇතුලත් වන්නේ 1988 අංක 74 දරණ සංශෝධනය මගින් සංශෝධිත 1975 අංක 1 දරණ වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ 3(3) වගන්තිය

watkam

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හා වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමේ වගකීම


නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ 2018 දෙසැම්බර් මාසයේදීය. ඒ අනුව වත්මන් කැබිනට් අමාත්‍යවරුන් අමාත්‍යවරුන් ලෙස මාස 3ක් ඇතුලත ගරු ජනාධිපතිතුමා වෙත වත්කම් බැරකම් ප්‍රකාශ භාරදිය යුතුය. ඒ අනුව අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් පසු වත්කම් බැරකම් ප්‍රකාශයන් භාර දී තිබේ නම් 2019 වර්ෂයට අදාලව නැවත වරක් වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නැත. මක් නිසාද? මාර්තු මස 31 වනදිනට පෙර මාස 6ක කාලයක් ඇතුලත එක් වත්කම් ප්‍රකාශයක් ලබාදී තිබේ නම් එම වර්ෂයට නැවත වත්කම් බැරකම් ප්‍රකාශයක් ලබාදිය යුතු නැත (ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ඉල්ලා ඇත්තේ 2018/2019 වර්ෂයට අදාල වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම්ය)

බලන්න- https://www.tisrilanka.org/failure-to-submit-asset-declarations-tisl-files-complaint-against-8-cabinet-ministers/
එසේම හලීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 වනදා ප්‍රහාරයෙන් පසුව ජූනි මස 30 වනදාට පෙර අමාත්‍යධූරයෙන් ඉවත් වී ඇති බැවින් ඔහු සම්බන්ධ නීතිමය තත්වය වඩාත් වෙනස් වේ.

එම නිසා මෙම අමාත්‍යවරුන් 2018 දෙසැම්බර් මාසයේදී අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව වත්කම් බැරකම් ප්‍රකාශය 2019 මාර්තු 31 වන දිනට පෙර මාස 6ක කාලසීමාවක් තුල වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී තිබේ නම් නැවත 2019 ජූනි මස 30 වනදිනට පෙර වත්කම් බැරකම් ප්‍රකාශයක් භාරදීමේ නීතිමය වගකීමක් නැත

Last modified on Wednesday, 11 September 2019 02:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us