අභියාචනාධිකරණයෙන් නන්දසේනට අස්වැසිල්ලක්. Featured

Published in පුවත්
Thursday, 12 September 2019 11:39

 ඊයේ ඩී ඒ රාජපක්ෂ සොහොන් නඩුවෙන් පැන යැමට ගත් උත්සාහය වැරදී ගියද අද දින ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගැලවී යාමට පොටක් පාදා ගැනීමට නන්දසේන ගෝඨාභයට හැකිව තිබේ. නන්දසේන මේ සෑම විටම අවධාරණය කර කියන්න තනන්නේ තමන් පුහුල හොරකම් කළාට කරේ අළු තිබීමෙන් පමණක් තමන් හොරකමක් කළ බව ඔප්පු කළ නොහැකි බවය.

ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් නඩු පවරා ඇති ආකාරය නීති විරෝධී බැවින් එම නඩුවෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීති විරෝධී යැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමට අභියාචනාධිකරණය තීන්දු කර ඇත.

අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

නන්දසේන ගෝඨාභය අභියාචනාධිකරණයේ ගොනු කර තිබෙන ප්‍රතිශෝධන ප්‍රථම තුළින් සඳහන් කර තිබුණේ ඇවන්ගාඩ් සමාගමට ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බවය.

අල්ලස් කොමිසම එම නඩුව ගොනු කර තිබෙන ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් මතු කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව ඉදිරියටත් විභාග කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බව නන්දසේන ගෝඨාභය ප්‍රකාශ කර තිබුණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us