subash
සියලු ණය ගෙවා අවසන් කර නැවත ණය නොගෙන සිටීම...හීනයක් ද?
කොරහේ කිඹුලන් දකිනවා කියා කතාවක් තිබේ. ඒ නැති ප්‍රශ්න පෙන්වා තමන්වත් බියට පත් කරගෙන අනෙකාවද බිය ගැන්වීම ගැන කතාවකි. අද විපක්ෂයට සිදුවී ඇත්තේද එහෙම තත්වයකි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ විවිධ ස්වරූපයෙන් මහා භීතිකාවක් මවමින් තිබේ.
'උපාධි විකුණන අධ්‍යාපන කඩ' ගැන තිබෙන පැරණි විරෝධතාවල කිසිඳු අර්ථයක් නැත - ජනපති !
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය උපයා දෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (09) එක්වෙමින් පවසා ඇත.
හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීම ආරම්භ වූ බව කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
යහපාලන සමයේදී 2015 -2019 කාලය තුළ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල්වලින් දේශපාලන හිතවත්කම්වලට දුන් ණය මුදල්වලින් රුපියල් හාරකෝටි දස ලක්ෂයකට (මිලියන 41.4 ) ආසන්න මුදලක් තවමත් අය කර ගෙන නැතැයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කර තිබේ.
කොරෝනා හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශේෂ රැස්වීමක් අද !
පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා වන විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද පැවැත්වීමට නියමිතයි.
ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් කිරීමට රජය කැපවී සිටි -අගමැති
ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.
පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ඇරඹේ !
පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ වුණා. මංගල ගුවන් යානය අද අලුයම කටුණායක ගුවන් තොටුපොළට පැමිණියා.
සිරකරුවන්ගේ අධිකරණ කටයුතු හා අමුත්තන් හමුවීමට ඩිජිටල් පහසුකම් !
බන්ධනාගාර රැඳවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සදහා ඉදිරිපත් කිරිමත් ,අමුත්තන් මුණගැසීම ඇතුළු සේවා රැසක් සදහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ වැඩසටහනක් ආරම්බ කිරීමට පියවර ගැනේ.
වැඩියෙන් වියදම් කරන එකාට දිනන්න බැරිවෙන්න ඡන්ද නීති වෙනස් කෙරෙයි !
මෙරට ක්‍රියාත්මක සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ වන අසාධාරණ, නීත්වාරෝධී මැතිවරණ මෙහෙයුම් සම්බන්ධයෙන් වන බරපතල චෝදනාවක් වී තිබුණේ අධික පිරිවැයක් දරමින් ඇතැම් මැතිවරණ අපේක්ෂකයින්, පක්ෂ කණ්ඩායම් විසින් කරන එම මැතිවරණ ව්‍යාපාර නිසා සෙසු අපේක්ෂකයන්ට සිදුවන අසාධාරණයය.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු වලට කඩිනම් විසදුම් !
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (06) දින උපදෙස් දී තිබේ.
