subash

subash

ශ්‍රී ලංකාව තුළ කාති උසවිත්, බාලවයස්කාර මුස්ලිම් විවාහත් තහනම් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ දිවයින පුවත්පතහි පැවැති සම්මුඛ සාකච්ජාවකට එක් වෙමිනි.

මේ වසරේ මෙරටට පැමිණි විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. නොවැම්බර් පළමු වනදා සිට පසුගිය 28 වනදා දක්වා සංචාරකයින් 41,177 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යංශය සදහන් කරයි.

ඊයෙ පෙරේදා තිරිඟු පිටි මිළ ඉහළ දැමීමක් සිදු කර තිබේ. ඒ අනුව පාන් සහ පිටි ආශ්‍රිත කෑම වර්ගවලද මිළ ඉහළ දැමීමට එම නිශ්පාදකයන් කටයුතු කර තිබේ. තිරිඟු පිටි නැතිනම් පාන් පිටි මිළ ඉහළ යාම සෘජුව පාලනය කිරීමට ශ්‍රී ලංකාව වැනි රටකට සිදු කළ නොහැක. ඒ තිරිඟු වගාවක් මේ රටේ සිදු නොවන බැවින් එම පිටි විදේශයන්ගෙන් ගෙන්වීමට සිදුව තිබෙන නිසාය. ඒ අනුව ලෝක වෙළඳපොළේ තිරිඟු පිට ඉහළ පහළ යන වාරයක් පාසා මෙරට තිරිගු පිටි මිළ ඉහළ පහළ යයි. එය සාමාන්‍ය තත්වයකි.

74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල-2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අරලියගහ මන්දිරයේ දී ඊයේ (29) පැවැත්විණි.

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් පවා ඕනෑම වෛරස් ප‍්‍රභේදයකින් මිය යා හැකි බැවින් කළ යුතුව ඇත්තේ ශීඝ‍්‍රයෙන් පැතිරයන ඔමික්‍රෝන් නමැති නව ප‍්‍රභේදය රට තුළට ඒම වළක්වාලීම හා එය එකිනෙකා අතර පැතිර යෑම නතර කිරීම පමණකැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිවයින පුවත්පතට පවසා තිබෙනවා.

ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නො වන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදු වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

සියලු රාජ්‍ය ආයතන ලබන වසරේ දී විශේෂ ප්‍රගතියක් අත්කර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (26) දින අරලියගහ මන්දිරයේ දී අවධාරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී තීරණ කිහිපයකට එළඹ තිබේ.

වසර 2005 ත් 2010ත් යන දෑ අවුරුදේදිම රට පාලනය කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2015 වසරේ තෙවන වතාවටත් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද 2015 ජනවාරි 8 වන දින මහින්ද රාජපක්ෂට ජනවරම අහිමි කර ''මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක්'' යන තේමා පාඨය ඔස්සේ මෛත්‍රීපාල සිරිසේනව ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත් කළේය.

බස්රථ ඇතුලු වාහන සඳහා යොදා ගන්නා ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Connet With Us