subash
ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂක ආයතනයක් වන PwC සමාගමේ, ශ්‍රී ලංකා කාර්යාලය, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ තම නවතම වාර්තාව 2021 නොවැම්බර් 09 දින ආර්ථික කොමිසම හමුවට ඉදිරිපත් කළේ ය. සාර්ව ආර්ථික විචල්‍යයන් 5 කට, එනම් රැකියා නියුක්තිය, සෘජු විදේශ ආයෝජන, ගෙවුම් ශේෂය, අගය එකතු කිරීම් සහ රජයේ ආදායම යන අංශ වලට, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් ලැබෙනු ඇති දායකත්වය මෙම වාර්තාව තුළදී විශ්ලේෂණයට ලක්කර තිබේ.
ගුරු -විදුහල්පති වැටුප් විෂමතාව : ඉල්ලීම් ඉටුවේ
එළැඹෙන අයවැයෙන් යෝජිත වැටුප් විෂමතාවයේ සම්පූර්ණ කොටස එකවර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු – විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.
ආණ්ඩුව වගකීම් ඉටු නොකරන්නේ නම් අලුත් බලවේගයක් සොයන්න - ජනපති
තමන් හෝ තම අමාත්‍ය මණ්ඩලය මෙන්ම මන්ත්‍රී කණ්ඩායමෙන් ජනතාව බලාපොරොත්තු වන වගකීම් ඉටු නොකළ හොත් යළි පැරණි කණ්ඩායම් බලයට ගෙන ඒමට කටයුතු නොකරන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියා.
වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් !
රට පුරා ඇති තෝරාගත් වනාන්තර ආශ්‍රිතව ඔසු වන උයන් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසා තිබේ.
‘මොල්නුපිරවීර්’ ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට අවශ්‍ය නිර්දේශ ඉදිරි සතියේ - චන්න ජයසුමන
කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි අමෙරිකාවේ නිෂ්පාදිත ‘මොල්නුපිරවීර්’ (Molnupiravir) ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරි සතියේදී ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.
ශ්‍රීලංකාව තුළ මේ වන විට එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව ලෙස බුස්ටර් එන්නත ලබා දීම පසුගිය නොවැම්බර් පළමුවනදා සිට ආරම්භ කෙරුණා.
සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ එළැඹෙන 12 වෙනිදා සිය මංගල අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රහාරයට සම්බන්ධ 56කට එරෙහි නඩු ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට !
පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ මහ මොළකරු නවුෆර් මව්ලවි ඇතුළු ප්‍රධාන පෙළේ සැකකරුවන් 56 දෙනකුට එරෙහිව ගොනුකළ නඩු මේ මස සිට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකදී දිනපතා විභාගයට ගැනීමට සැලැසුම් කර තිබේ.
ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
