ගුරු -විදුහල්පති වැටුප් විෂමතාව : ඉල්ලීම් ඉටුවේ

Published in පුවත්
Wednesday, 10 November 2021 15:34

එළැඹෙන අයවැයෙන් යෝජිත වැටුප් විෂමතාවයේ සම්පූර්ණ කොටස එකවර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ගුරු – විදුහල්පති සංගම් අතර පැවති සාකච්ඡාවේදී එකඟ වී තිබෙනවා.

ගුරු - විදුහල්පති වැටුප් වැඩිවිමට අදාළව අමාත්ය අනුකමිටුව යෝජනා කළ මුදල එකවර ලබාදිමට අග්රාමාත්යවරයාගේ ප්රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී පැවැති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

මෙහිදී ශ්රි ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්රේණියේ නිලධාරියෙකුගේ වැටුප 12120ක මුදලකින් හා ගුරු සේවයේ පළමු ශ්රේනනියේ නිලධාරියෙකුගේ වැටුප රුපියල් 11820කින් වැඩිවිමට නියමිතය.
 
ඊට සමගාමිව ගුරු හා විදුහල්පති සෙසු ශ්රේණිවල වැටුප් වැඩිකිරීමට නියමිතය. ලබන අයවැයේදී මෙම යෝජනා ක්රියාත්මක කිරීමට නියමිතය. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාද එක්ව තිබේ.
 

සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ ජොසප් ස්ටාලින් මහතා, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් වෘත්තීය සමිති කැඳවලා සාකච්ඡාවක් තිබුණා. ගුරුවරු දින 108ක දැවැන්ත අරගලයක් කරලා සුභෝදනී වාර්තාවේ වැටුප් විශමතා ඉවත් කිරීමට ඉල්ලා සිටියා. දෙන එක කොටස් තුනකට කඩලා දෙන්න හැදුවේ. අපි ඒවා ප්‍රතික්ෂේප කරමින් දැවැන්ත අරගලයක් කළා. යයි පවසයි

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ එම එකඟත්වය ගුරු අරගලයේ ප්‍රථිපලයක් බවයි.

අයවැයේදී මෙම පොරොන්දු ඉටු නොවන්නේ නම් තම අරගලය තවදුරත් ගෙන යන බවද ඔහු අවධාරණය කළා.

Last modified on Wednesday, 10 November 2021 15:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us