subash

subash

ජාත්‍යන්තර ගුවන් සමාගම් පහක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ වසර අවසන් වීමට පෙර මෙම නව ගුවන් ගමන් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක් !

1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවු සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය.

තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට‍්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප‍්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව උත්සාහ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ආයෝජකයන් දිරිමත් කරමින් මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ පරිශ්‍ර ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයිඅගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය.

මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේ කීර්තිශේෂභාවෝපගත වූ බව ධර්ම සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජයට හෝ පොලීසියට එරෙහිව දොස් පැවරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) හඳුන්වාදීමත් සමග මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවත් ඉන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ අපිට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවන බවත් අප ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට බවත් යයි පෙන්වා දුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, 'මේඩ් ඉන් ශ්‍රී ලංකා' සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ඇති බවට විශ්වාසය පළ කළේය.

පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්ෂය රෝගය සම්බන්ධයෙන් අග්නිදිග ආසියානු කලාපයේ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවක දී 2030 වසර වන විට මෙරටින් ක්ෂය රෝගය තුරන් කිරීමට රජය කැපවී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දී ඇත.

Connet With Us