පාස්කු ප්‍රහාර විමර්ශන ගැන රජයට දොස් පවරන්න බැහැ - සරත් වීරසේකර

Published in පුවත්
Wednesday, 27 October 2021 14:22

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් රජයට හෝ පොලීසියට එරෙහිව දොස් පැවරීමට නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

අද (27) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

"පොලීසිය මඟින් සිදුකිරීමට තියෙන රාජකාරී කරලා ඉවරයි. මේ සියලුම පරීක්ෂණ කටයුතු අවසන් කරලා දැන් නීතිපතිතුමා ට භාරදීලා තියෙනවා. දැනටමත් මහාධිකරණ 5ක නඩු 9ක් ක්‍රියාත්මක වෙනවා සහ මේකට සැලසුම් හදපු භයානකම ත්‍රස්තවාදියෝ 24 දෙනෙකුට එරෙහිව දැනටමත් අධිචෝදනා ගොනු කරලා තියෙනවා. මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් මඟින් විනිසුරු මඩුල්ලක් පත්කරලා දිනපතා නඩු අහන ක්‍රමයක් හදලා තියෙනවා. ඒ නිසා කාටවත් රජයටවත්, පොලීසියටත් දොස් පවරන්න බෑ පරීක්ෂණ කටයුතු යටගහනවා කියලා. 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල කරපු ශේක් මොහොමඩ් කියන කෙනාට නඩු පැවරුවේ දැන් සති දෙකකට ඉස්සෙල්ලා. ඒ කියන්නේ අවුරුදු 20කට පස්සේ. නඩු පැවරීම සහ ක්‍රියාමාර්ග ගැන අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්. පොලීසිය භාර ඇමතිවරයා විදියට අපි කරන්න තියෙන සියල්ල කරලා නීතිපතිවරයාට භාරදීලා තියෙන්නේ. දැන් නීතිපතිවරයා අතේ තමයි නඩු පැවරීමේ කටයුතු තියෙන්නේ."යනුවෙන් සදහන් කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us