subash

subash

සංවර්ධනයේ මාවත....

Published in පුවත්
Tuesday, 07 December 2021 10:30

ග්‍රාමීය අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා “ඔබට ගෙයක්-රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ 2024 වර්ෂය වනවිට නිවාස 71,110ක් ඉදිකිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

විපක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට කටයුතු කර ඇත්තේ කවර හේතුවක් මතද කියන කාරණය අද දින මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අනවරණය කළේය..

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලු දෙනා සහයෝගයෙන් එක් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයෙ කොටස් විකිණීමට අදාළව ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග අස්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තාවකාලිකව වසා දැමූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (7) නැවත ආරම්භ කරන බව බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් ඔහුට අපහාසාත්මක වන ලෙස ගාල්ල දිස්ත්‍රික්ක සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කිරීම නිසා සභාව තරමක් උණුසුම් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනා ගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්” පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබෙන බව ඊයේ වාර්ථා විය.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Smart One Stop Shop’ කාර්යාල පරිශ්‍රය ඊයේ (03දා) අමාත්‍ය විමල් වීරවංශ මහතා අතින් විවෘත කෙරිණි.

Connet With Us