මේ අනුව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කිරිම, ඝන හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය සදහා දිරිගැන්වීම, නිසි වේලාවට ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම, දිස්ත්‍රික්කය තුළ පොහොර අවශ්‍යතාව සපිරීම, වී, බඩඉරිඟු හා අනෙකුත් ධාන්‍ය, එළවළු පලතුරු නිෂ්පාදනය වේගවත් කිරීම, හරිත කාෂිකර්මය සඳහා යෝග්‍ය ගුණාත්මක බීජ හා පැළ ප්‍රවර්ධනය දිරිගැන්වීම, කෘෂිකර්ම වගා කටයුතුවලට සම්බන්ධ ඉහළ සිට පහළට සියලු ම නිලධාරීන් සම්බන්ධීකරණය, ආහාර භෝග නිෂ්පාදන බෙදාහැරීම, කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය ඇතුළු කාර්යයන් රැසක් සඳහා මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ප්‍රමුඛතාවය දිය යුතු වීම ජනාධිපතිවරයාගේ අදහස බවද ප්‍රකාශ වී තිබිණි.
මේ සම්බන්ධ නිවේදනයේ තවත් වැදගත් යමක් අවසානයේ සටහන්ව තිබිණි. ඒ
''ජාතික හරිත ආර්ථික මණ්ඩලය'' (National Green Economy Council) පිහිටුවීමත් මෙම “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය'' විසින් ඉටුකළ යුතු තවත් කර්තව්‍යයක් බවය.
''ජාතික හරිත ආර්ථික මණ්ඩලය'' පිහිටුවීම යුගයේ අවශ්‍යතාවයක්ව පවතින වැදගත් ආයතනයකි. මේ ''ජාතික හරිත ආර්ථික මණ්ඩලය'' යනු කුමක්ද යන්න ගැන යම් වැටහීමක් ලබාදීම මෙම කෙටි සටහනේ අරමුණය. තවමත් මේ පිහිටුවීමට යන ආර්ථික මණ්ඩලය ගැන නිශ්චිත අදහසක් ප්‍රකාශයට පත්ව නොමැති නමුත් එය මෙම ආයතනය පිහිටුවීමේ අරමුණ සහ එහි හැඩය ගැන කතා කිරීමට බාධාවක් වන්නේ නැත. මන්ද මේ වන විටත් ලෝකයේ රාජ්‍යයන් ගනනාවක හරිත ආර්ථික මණ්ඩල පිහිටුවා ඇති බැවිනි. මෙම ආර්ථික මණ්ඩලය පිළිබඳ මූලික අදහස එන්නේ මානව වර්ගයා සිය සංවර්ධනය ඉලක්ක කරගත් ක්‍රියාමාර්ග නිසා මේ වන විට පෘථිවි තලයට සිදුවෙමින් පවතින පාරිසරික බලපෑම මානව වර්ගයාගේ විනාශය කැඳවමින් සිටින බව තේරුම් ගැනීම පදනම් කරගෙනය. මිනිස් වර්ගයා සිය භෞතික සංවර්ධනය වෙනුවෙන් කවර ක්‍රියා මාර්ගයක් ගත්තද එය පරිසරය ආරක්ෂා කරමින් විය යුතු විම සහ සංවර්ධනයෙන් සැමට සාධාරණයක් විය යුතු වීම පදනම් කරගෙන ලෝකයේ පාරිසරික සංවිධාන, විද්වතුන් ගනනාවක් රැස්වී මේ වෙනුවෙන් '' ලෝක හරිත ආර්ථික මණ්ඩලය'' ( world greem economy counsil - WGECO) පිහිටුවා ගන්නා ලදී. මේ සඳහා සංවිධාන 40 ක්, විද්වතුන් 50,000 ක් පමණ සහ රාජ්‍යයන් 21 ක් මේ වන විට එකතුවී සිටී.
හරිත බලශක්තිය, හරිත ජීවිතය, හරිත රැකියා, හරිත වාහන, හරිත ගොඩනැඟිලි, හරිත කර්මාන්තය, හරිත සැපයුම්, හරිත ආයෝජන, හරිත තොරතුරු පද්ධතිය සහ හරිත තාක්ෂණය ආදී වශයෙන් ලෝකයේ සෑම රටකම නව සංවර්ධන ප්‍රතිපත්තීන් නීතිමය පදනමක් සහිතව ක්‍රියාත්මක කිරීමට පෙළඹවීම මෙම ආයතනයේ අරමුණයි. එය වඩා හොඳ හෙටක් සඳහා හරිත ආර්ථිකයේ හොඳම භාවිතයන් සහ විසඳුම් නිර්මාණය කර සංවර්ධනය කිරීම සඳහා රාජ්‍යයන්, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ව්‍යාපාර සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව කටයුතු කිරීම අපේක්ෂා කරයි.
හරිත ආර්ථිකයක් යනු අඩු කාබන්, සම්පත්-කාර්යක්ෂම සහ සාමාජීය සහභාගිත්වය ඇතුළත් කරගැනීමක් වේ. හරිත ආර්ථිකයක් තුළ, රැකියා සහ ආදායම වර්ධනය වන්නේ එවැනි ආර්ථික ක්‍රියාකාරකම්, යටිතල පහසුකම් සහ වත්කම් හරහාය.
ඉලක්කගත රාජ්‍ය වියදම්, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ බදු නියාමන වෙනස්කම් හරහා මෙම හරිත ආයෝජන සක්‍රීය කිරීම සිදුවිය යුතුය. හරිත ආර්ථිකය ආයෝජන, රැකියා සහ කුසලතා කෙරෙහි කේන්ද්‍රීය අවධානයක් යොමු කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් සඳහා සාර්ව ආර්ථික ප්‍රවේශයක් සැපයීමේ අරමුණකින් ක්‍රියාත්මක වේ.
මේ ආදී පුළුල් අරමුණකින් ක්‍රියාත්මක වැඩපිළිවෙල අනුව මෙරට තුළද මෙම ඉලක්ක සාක්ශාත් කර ගැනීම වෙනුවෙන් ''ජාතික හරිත ආර්ථික මණ්ඩලය'' පිහිටුවීම සිදුවෙනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය සෞභාග්‍යයේ දැක්ම මඟින් ප්‍රකාශිත හරිත රටක සිහිනය හා මෙම හරිත ආර්ථික මණ්ඩලය අරමුණු සමගාමීය. මේ නිසා ජනාධිපතිවරයාගේ වුවමණාව හා මෙම ජාත්‍යන්තර වුවමණාව එකිනෙක ගැලපේ. මේ අනුව '' ලෝක හරිත ආර්ථික මණ්ඩලය'' හා සම්බන්ධව ''ජාතික හරිත ආර්ථික මණ්ඩලය'' පිහිටුවීම මඟින් එයට ජාත්‍යන්තරයේ සහයද නොමදව ලැබැනු ඇත.
මේ අනුව මෙම '' ජාතික හරිත ආර්ථික මණ්ඩලය'' මෙරට ආර්ථිකය නවමු මාවතකට ගෙන යන නියමුවා වෙනු ඇති බව විශ්වාස කළ හැක.
- the novemberist