මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු Rahool sood හා දකුණු ආසියාවේ අලෙවි අධ්‍යක්ෂක Vishal Bhatnagar යන මහත්වරු පසුගිය සිකුරාදා (03) අමාත්‍යාංශයේ දි හමු වු අවස්ථාවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.
බිබිසි ආයතනයේ නියෝජිතයන්ගෙන් ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දි විමසා සිටියේ කටුනායක ගුවන්තොටුපළ පිළිබද ඔබේ ආකල්පය කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් රාහුල් සුඩ් මහතා කීවේ ප්‍රමාදයකින් තොරව ගුවන්තොටුපළේ කටයුතු සිදු වු බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට රට පීළිබද පළමු හැගිම ඇතිවන ස්ථානය ගුවන්තොටුපළ බැවින් එහි කටයුතු කාර්යක්ෂම ව සිදුවිම ඉතා වැදගත් බව ද ඔහු කීවේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක බවයි. 2023 වන විට එය අවසන් කිරිමට අපේක්ෂා කරන බවත් එවිට වාර්ෂිකව ගුවන් මගින් මිලියන 15 ක් හැසිරවිය හැකි පරිදි පහසුකම් සැලසෙන බවත් ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකයේ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ බිබිසි නියෝජිතයන් ඒ සදහා සිය සහාය පළ කිරිමට ද එකගතාවය පළ කළහ.
මෙම අවස්ථාවට සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය ද සහභාගි විය.
රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.
Leave a comment
Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...