බෝම්බ ප්‍රහාරයෙන් ආබාධිත වූ මහින්ද විජේසේකරට කළ අපහාසයට මනූෂට දැඩි විරෝධයක්..

Published in Gossip
Saturday, 04 December 2021 19:50

ධීවර රාජ්‍ය ඇමති කාංචන විජේසේකර මහතාගේ පියා වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් ඔහුට අපහාසාත්මක වන ලෙස ගාල්ල දිස්ත්‍රික්ක සමගි ජන බලවේග මන්ත්‍රී මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කිරීම නිසා සභාව තරමක් උණුසුම් වී තිබෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ මනුෂ්‍යත්වයට නිගා දෙන කතා නොකියන්නැයි එහිදී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක්ම මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ප්‍රකාශ කර තිබෙන්නේ විශේෂයෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට හසුව තවමත් ලෙඩ ඇඳේ ඉන්න තාත්තා කෙනෙක් සම්බන්ධව පුතෙක්ට එවැනි පහත් ආකාරයේ අශිෂ්ඨ කතා නොකියන ලෙසට අවවාද කරමිනුයි.

එමෙන්ම මෙහිදී ජේෂ්ඨ මැති ඇමතිවරුන් මනූෂ නානායක්කාර හට දැඩි සේ දෝෂාරෝපනය කර තිබෙනවා.

මනූෂ නානායක්කාර විසින් හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා සම්බන්ධව කියනු ලැබූ එම කතාවට එරෙහිව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩිසේ අදහස් පල කරත්ම මනූෂ නානායක්කාර විසින් සභාවෙන් පලාගොස් තිබෙනවා.

2009 දී ධීවර අමාත්‍ය මහින්ද විජේසේකර, අමාත්‍ය ඒ. එච්. එම්. පවුසි, ගම්පහ මන්ත්‍රී පණ්ඩු බණ්ඩාරනායක, මහින්ද යාපා අබේවර්ධන ආදී මැති ඇමැතීන් පිරිසක් සමගින් සහභාගී වූ අකුරැස්සේ ගොඩපිටිය මුස්ලිම් දේවස්ථානයේ උත්සවයකට ගොස් සිටියදී කොටි ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු ව තවමත් සම්පූර්ණ සුවය ලබා නැති අතර මහින්ද විජේසේකරගේ හිසට හා සිරුරට සිදුවූ බරපතළ තත්ත්වය නිසා ඔහුගේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයෙන් යුතුව දෙස් විදෙස් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කාංචන විජේසේකර මහතාගේ පියා සම්බන්ධයෙන් මනූෂ නානයක්කාර මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවා.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු එරාන් වික්‍රමරත්න මැතිතුමා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ සිටීම ගැන මම ස්තුතිවන්ත වෙනවා හර්ෂ ද සිල්වා ම ගොඩක් ගරු කරන මන්ත්‍රීවරයෙක් එතුමා සෑම වෙලාවේම වංචා ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඔබට මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇවිල්ලා නැහැ. එරාන් මන්ත්‍රීතුමාට මෙවැනි සිද්ධියකට මුහුණ දෙන්න වෙලා නැහැනේ.. මේ පාර්ලිමේන්තුවේ මේ කැබිනට් පත්‍රිකාව ගැන අපි සියලු දෙනාම දන්නවා ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකඟවෙලා නියමිත ආකාරයට
කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා කැබිනට් මණ්ඩලය අනුමත කලේ හිර වෙලා තිබෙන කන්ටේනර් එකක් සම්බන්ධයෙන්.

දැන් ඒක හොරකම් කළා කියලා චෝදනා කරනවා. මාළු මුදලාලි කෙනෙක් ඔරලෝසුවක් දුන්නා කියලා චෝදනා කරනවා. කාංචන මැතිතුමා ඔය කියන ඔරලෝසු අවුරුදු ගාණක ඉඳලා අතේ බඳිනවා. මඩ ගහන එකෙත් සීමාවක් තියෙන්න ඕනා .තමන්ගේ තාත්තා බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා අසනීපයෙන් අද සිටින මොහොතක ඔවු දුක් විඳින්නේ ඒ හේතුව නිසා දැයි කියලා චෝදනා කරන එකට අපි විරුද්ධයි. මනුෂ නානායක්කාර කියන්නේ ඊයේ කතානායකතුමාට පහර දෙන්න ආපු කෙනා. අද විපක්ෂයට විවේචන වලට මුහුණ දෙන්න බැහැ . අන්න ඒ නිසා ඔවුන් අද පාර්ලිමේන්තුවෙන් පැනලා ගියා. ඔවුන්ට ඉදිරිපත් කරන කරුණු නැහැ. තිබෙන්නේ බොරුව.

මොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා ජාත්‍යන්තරයට කතා කරන්න හදන්නේ. මොවුන් කල්ලියක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මඩගහනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ රට පාලනය කරන ජනාධිපතිතුමාට මඩගහනවා. විපක්ෂය සෑම විටම කරන්නේ බොරුව. එරාන් වික්‍රමරත්න මැතිතුමා හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා, ඔහුට ඡන්දයක් ඉල්ලන්න වත් බැහැ .ජාතික ලැයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තු ආවෙ .දැන් ඇවිල්ලා අපිට උගන්වනවා ආණ්ඩුව කරන හැටි. මොවුන් බංකොලොත් දේශපාලනඥයෝ. මොවුනට ඇත්තටම මුහුණදෙන්න බැරි නිසා අද පැනලා යනවා.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු දැන් මට කතා කරලා කිව්වා මොවුන්ට පිස්සු ඔන්න.. දැන් පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න හදනවා කියලා. දැන් සවස දෙකට පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක් කරනවා. මනුෂ නානායක්කාරලා වැනි එහෙට මෙහෙට පනින අය ගෙනල්ලා මේ පාර්ලිමේන්තුව විනාශ කරනවා. දැන් පාර්ලිමේන්තු ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා. මේක විපක්ෂයේ විවාදය මේක අපේ නෙවෙයි. අපිට සියයට හතළිහක් හා විපක්ෂයට සියයට හැටක්. අපිට 159 යක ඉඳලත් හම්බ වෙන්නේ සියල හතළිහයි. විපක්ෂයට හම්බවෙන සීයට හැටක වේලාවෙන් කරන්නේ මඩ ගහන එක.

විවාදය ඉල්ලපු ආයට විවාදය එපා කියනවනම් අපිට තීරණයක් ගන්න පුළුවන් ඉතුරු කාලය අපි දෙමළ සන්ධානයට ලබා දෙන්න පුළුවන්. විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ වලට විපක්ෂය සලකන්නේ නැහැ. ඔවුන්ගේ ඡන්ද ටික ලබාගෙන ඔවුන්ට නොසලකා හැරලා තියනවා. අද විපක්ෂය නියෝජනය කරන දෙමළ සංධානයට වෙන් කරලා තියන කාලය ඒ අය එපා කියනවනම් අපිට පුළුවන් පාර්ලිමේන්තුව වැඩකටයුතු අවසන් කරන්න. ඒකෙන් ඉතුරු වන මුදල් ටික ඉතුරු කරන ජනතාවට සලකන්න අපිට පුලුවන්.

 

දුලාංජන රාජිත

Leave a comment

ld add copy

Connet With Us