subash
කොළඹ පෝර්ට් සිටියේ ඉදිකර තිබෙන Port City Colombo Marina වෙත යාත්‍රා කළ පළමු සුඛෝපභෝගී සුපිරි යාත්‍රාව ලෙස MY Kalizma යාත්‍රාව පසුගිය ඉරිදා එහි නැංගුරම් ලෑම සිදු විය.
ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටි.
මේ වසරේ ඔක්තෝබර් 31 දා වන විට මෙරට මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 4,873ක ආදායමක් (අමෙරිකානු ඩොලර් මිලියන 245) උපයාගෙන ඇත.
කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරිමට ජර්මානු සහය !
කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණු සංචාරක ව්‍යාපාරය යළී ශක්තිමත් කිරිමට සහය දෙන බව ශ්‍රි ලංකාවේ ජර්මානු තානාපති Holger Seuvert මහතා නැගෙනහිර පළාත් අණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේ පවසා තිබේ.
වාරි සෞභාග්‍යයා වැඩසටහන යටතේ වව්නියාවේ වැව් 100ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා.
මෙතෙක් මෙරටට රැගෙන ආ විශාලතම ෆයිසර් එන්නත් තොගය අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට ශ්‍රීලංකාව සමත්විය.
පසුගිය මාස හය තුළ මිල සංශෝධනයක් නොකළ හෙයින් මාස දහයක් තුළදී පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000ක පාඩුවක් ලබා ඇතැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (1) පැවසීය.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්ණ හමුවේ නිරුත්තර වූ ලිට්රෝ සමාගම !
ගෑස් සංයුතිය පිළිබඳ මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ලිට්රෝ ගෑස් සමාගමේ ඉහළ නිලධාරීහු ඊයේ (01 වැනිදා) නිරුත්තර වූහ.
කොවිඞ් ආසාදිතයන් සඳහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) කොවිඞ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර තිබෙනවා.
තිරසර සංවර්ධනය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යංශය තවත් වැඩකට අතගසයි !
කර්මාන්ත අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) අතර ශ්‍රී ලංකාවේ තිරසර කාර්මික සංවර්ධනය සදහා වන ඒකාබද්ධ යෝජනාවලියට අත්සත් තබා තිබෙනවා.
