කොළඹ පෝර්ට් සිටියg “MY Kalizma’ ඇවිල්ලා...

Published in පුවත්
Saturday, 04 December 2021 09:36

කොළඹ පෝර්ට් සිටියේ ඉදිකර තිබෙන Port City Colombo Marina වෙත යාත්‍රා කළ පළමු සුඛෝපභෝගී සුපිරි යාත්‍රාව ලෙස MY Kalizma යාත්‍රාව පසුගිය ඉරිදා එහි නැංගුරම් ලෑම සිදු විය.

මෙම යාත්‍රාව හොලිවුඩයේ සුප්‍රසිද්ධ චරිත දෙකක් වන එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් දෙපළට අයත් වූවක් බව සඳහන් වෙයි.

කොළඹ වරායේ පිහිටි මෙම Port City Colombo Marina සුඛෝපභෝගී නිකේතන යාත්‍රා අංගණය මෙවැනි සුඛෝපභෝගී යාත්‍රා සඳහා විවෘත කෙරී ඇත. දැනටමත් මෙරට සමාගම් කිහිපයකට අයත් යාත්‍රා එහි ඇති අතර පළමුවරට මෙවැනි සුපිරි යාත්‍රාවක් ඒ වෙත යාත්‍රා කළ පළමු අවස්ථාව බවට මෙය පත්ව තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින Port City Colombo Marina හි කළමනාකාර ආයතනය වන සේල් ලංකා යැචිං ගෘප්හි සභාපති පියරේ ප්‍රින්ගියර්ස් මහතා, “MY Kalizma එහෙමත් නැත්නම් The 145 Kalizma යාත්‍රාව 1906 වසරේදී ස්කොට්ලන්තයේ ජී.එල්. වොට්සන් සමාගම මගින් ඉදිකරවූවක්. මෙම යාත්‍රාවේ වර්තමාන හිමිකරුවන් වන්නේ සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු නිළි යුවලක් වන එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන්. මෙම යාත්‍රාව පසුගිය ඉරිදා මාලදිවයිනේ සිට මෙලෙස කොළඹ වරාය නගරය වෙත පැමිණියා. එය කොළඹ නගරයත් සුපිරි යාත්‍රා ගමනාන්තයක් බවට පත්වී ඇති බව සටහන් කරන සන්ධිස්ථානයක්.” යනුවෙන් පවසා තිබේ.

විශේෂයෙන්ම මෙම සුපිරි යාත්‍රාව Port City Colombo Marina හි දැකගැනීමට ලැබීම සිය සිහිනයක් මල් ඵල ගැනුණු අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකි බවත් ඔහු පවසයි. එහිදී මෙම යාත්‍රාවට අදාළ කටයුතු සිදු කිරීමේදී කොළඹ වරාය නගරය, රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළුව ඊට සම්බන්ධ ආයතන ලබා දුන් කාර්යක්ෂම සේවාව පිළිබඳවද ඔහු සිය ස්තූතිය පුද කර සිටියි.

“මේ Kalizma යාත්‍රාවේ පැමිණීමත් සමගින්ම ඉදිරියේදී මෙවැනි සුපිරි යාත්‍රා පැමිණීම සාර්ථක කරගැනීමට ලොකු දායකත්වයක් ලබා දේවි. ඒ වගේම මෙය ශ්‍රී ලංකාව සුඛෝපභෝගී මගී යාත්‍රා සහ විශේෂිත යාත්‍රා සඳහා විවෘත විමත් සනිටුහන් කෙරෙනවා. එය ලංකාවේ සංචාරක කර්මාන්තයේ අලුත් කුළුණු බවට පත්වේවි.” යනුවෙන්ද පියරේ ප්‍රින්ගියර්ස් මහතා සඳහන් කරයි.

මෙම MY Kalizma යාත්‍රාව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව යටතේ පළමු ලෝක යුද්ධයේදී මෙන්ම දෙවැනි ලෝක යුද්ධයේදීද මෙහෙයුම් සඳහා දායක වී තිබේ. අනතුරුව 1967 වසරේදී එය මෙම හොලිවුඩයේ සුප්‍රසිද්ධ තාරකා දෙකක් වන එලිසබෙත් ටේලර් සහ රිචර්ඩ් බර්ටන් අතර පත්ව තිබේ. පසුව එය මද්‍යධරණී සාගරය හරහා යාත්‍රාකරන විශේෂිත යාත්‍රාවක් ලෙස යොදා ගෙන ඇත.

ඔවුන් දෙදෙනාම මෙම යාත්‍රාව ගැන ඉමහත් ආදරයෙන් සිටි බවත්, ඒ අනුව බර්ටන් විසින් ටේලර් වෙත තෑග්ගක් ලෙස මෙම යාත්‍රාව මිලදි ගෙන ඇති බවත් සඳහන් වෙයි. එසේම මෙම යාත්‍රාව ඔවුන් Kalizma ලෙස නම් කර ඇත්තේ ඔවුන් දෙපළගේ දියණියන් තිදෙනා වන Kate, Liza සහ Maria වෙනුවෙනි.

අද දවසේදී මෙම යාත්‍රාව කළමනාකරණය ඉන්දියාවේ වෙස්ට් කෝස්ට් මැරීන් යැච් සර්විසස් සමාගම මගින් සිදු කරයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us