subash

subash

පසුගිය මහ මැතිවරණයෙන් එජාපයට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය හිමිකරගෙන පාර්ලිමේන්‍තුවට පිවිස සිටින එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණ දා සිට බොහෝ සන්ත්‍රාස ජනක ප්‍රකාශ නිකුත් කරමින් සිටී.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා නව සමාගමක් ස්ථාපිත කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ "ට්‍රින්කෝ ටර්මිනල් ලිමිටඩ්" නමින් එම සමාගම පිහිටුවිමට නියමිතය.

මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්වීටර් සටහනක් නිකුත් කරමින් පවසයි.

ලබන වසරේදී රටේ ආහාර හිඟයක් ඇති වීමට ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඊයේ (28) ප්‍රකාශ කළේය.

කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය යම් පමණකින් විසඳාගැනීමට රජය සමත්ව තිබේ. ඒ චීනය සමඟ කළ සාකච්ඡාවලින් අනතුරුව චීනය සමඟ වන විදේශ විනිමය හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් බිලියන 1.5 ක මුදලක් මෙරටට ලබාදීම සිදුවන බැවිනි.

මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත් තුන යා කෙරෙන පේරාදෙණිය - බදුල්ල - චෙන්කලාඩි ( A005 ) මාර්ගය දිගින් කි.මි 275ක් වේ. මෙම මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි 86.7 ක මාර්ග කොටස පුලුල් කොට සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 28-12-2021 වන අද දින සිදු කෙරිණි .

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මිනිස් ලෝකයේ දැනුමේ ප්‍රමාණය දිනෙන් දින වේගයෙන් ඉහළ යනවා. ඒ දැනුම විසින් අලුත් අලුත් දේ ලෝකයට ලබා දෙමින් තියෙනවා.

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන ලෙස හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශගත ශ්‍රමිකයන් මෙරටට රැගෙන එන විදේශ විනිමය (ප්‍රේෂණ) සඳහා ලබාදෙන රුපියල් 10ක දිරි දීමනාව ලබන වසරේ (2022) ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

Connet With Us