විශේෂයෙන්ම අද ලෝකයෙහි තොරතුරු තාක්ෂණ ගැන දැනුම මෙහොතෙන් මොහොත අධි වේගයෙන් අලුත් වෙනවා.. ඒ අලුත් නැතිනම් නවීන අත්දැකීම් ලෝක මිනිස් ප්‍රජාවටම අත්පත් කරගන්න වෙලා තියෙනවා. මිනිසාගේ දියුණුව, සංවර්ධනය එකක්ම අනාගතය අද මේ තොරතුරු තාක්ෂණය එක්ක ඉතා දැඩිව බැඳිලා තියෙන්නේ.
අද මේ ගෙවෙන්නේ තෝරතුරු තාක්ෂණයේ ඩිජිටල් යුගය. ඩිජිටල් තාක්ෂණය අද ලෝකයම තමන්ගේ ග්‍රහනයට අරගෙන ඉවරයි.. මේ නිසා ලංකාවේ අපිටත් සිද්ධ වෙනවා හැම දෙයක්ම මේ ඩිජිටල් තාක්ෂණයත් එක්ක බද්ධ කරගන්න..නැතිනම් අපිට යන්න ගමනක් නැහැ, අනාගතයක් නෑ..
අද මේ කතා කතා කරන්න හිතුවේ ලංකාවේ රූපවාහිණී ක්ෂේත්‍රය ඩිජිටල් කරණය කිරීම ගැන. ලංකාවට රූපවාහිණිය කියන අත්දැකීම මුලින්ම විඳින්න ලැබුණේ 1979 දී. එදා පටන් මේ දශක 4 ක පමණ කාලය මුළුල්ලේ අප ජන ජීවිතය හැඩ ගැස්සුවේ රුපවාහිණි මාධ්‍යය විසින් කියන එක වැරදි නැහැ. අද දිනය කියන්නනේ මෙරට රුපවාහිණි මාධ්‍යයට නව වෙනසක් එකතුකිරීමේ දිනයක්. ඒ කියන්නේ අපේ ජීවිත වලත් නව වෙනසක් ඇති කරන සමාරම්භක දිනය.
එනම් මෙරට රුපවාහිණි ක්ෂේත්‍රයම ජාත්‍යන්තරකරණයට මුල්ගල් තබමින් රුපවාහිණි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම අද දින ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි අතින් ඒ ඓතිහාසික කාරයභාරය ඉටුකෙරෙනවා.
ඇත්තටම මොකක්ද අද සිදුවෙන්නේ?
පැරණි ඇනලොග් තාක්ෂණයෙන් ලෝකයම දැන් ඉවත්වෙමින් තිබෙනවා..ඇනලොග් ක්‍රමය යටතේ රුපවාහිණි විකිශයට වූ බාධාවන් අති විශාල ප්‍රමාණයක් දැන් ඩිජිටල් තාක්ෂණය මඟින් විසඳා ගැනීමට හිකිව තිබෙනවා.. රුපවාහිණි, ගුවන් විදුලි සහ ස්මාර්ට ජංගම දුරකතන හරහා තොරතුරු බෙදාහදා ගැනීමේදී අතිශය වේගවත්ව ගුණාත්මක භාවයෙන් යුතුව ලෙසියෙන් පහසුවෙන් මේ තොරතුරු බෙදාහදා ගන්න මේ ඩිජිටල් තාක්ෂණයෙන් පුළුවන් වෙලා තියෙනවා.
ලංකාවේ රූපවාහිණී ක්ෂේත්‍රයම ඩිජිටල්කරණ කිරීම මඟින් අපට වෙනදා රූපවාහිණී චැනලයක් නැරඹීමේදී සිදුවෙච්ච ගුණාත්මක රූප සහ හඬ සම්බන්ධ ප්‍රශ්න නිකම්ම විසදෙනන්වා.. චැනලයෙන් චැනලයට ඇන්ටනාව එහෙ මෙහ කරමින් හොඳ රූප රාමු අල්ලා ගන්න අපි කොච්චර වෙහෙසුනාද? රූපවාහිණීයේ තාක්ෂණික සීමාකම් නිසා කොච්චර බාධාවන් සිදු වුණාද? රූපවාහිණී සේවා ආයතනවලට වඩා හොඳ දර්ශන, හඬ ලබාදීමේ දී මේ ප්‍රේක්ෂක අපිට වැඩිය සංකීර්ණ බාධාවන්ට මුහුණ දෙන්න සිදු වුණා. රට පුරා ගමක් ගමක් පාසා රූපවාහිණී කුළුණු ඉදිකර කර තමන්ගේ සේවාව හැම ගෙදරකට ලබා දෙන්න රුපවාහිණී නාලිකා වලට මුහුණ දෙන්න සිදු වුණු ලොකුම බාධාවක්. මේ වෙනුවෙන් ගුවන් විදුලි තරංග වෙන වෙනම විශාල ප්‍රමාණයක් යොදා ගන්න සිදු වුණා..මේ නිසා මේ ගුවන් තරංග ට්‍රැෆික් එකක් ඇති වෙන තරමට තත්වයන් ඔඩු දිවීම නිසා රූපවාහිණී ප්‍රේක්ෂකයත් මේකෙන් පීඩා වින්ඳා. නමුත් ඩිජිටල් කරණ සමඟ ඒ සියළු බාධාවන් ඉවත් වෙනවා..the novemberist
මෙම ඩිජිටල්කරණයත් එක්ක රූපවාහිණී සේවාවල ගුණාත්මක භාවය විශාල වශයෙන් ඉහළ යනවා. රූපවාහිණි චැනලයන් ප්‍රමාණයත් හිතා ගන්න බැරි විදිහට වැඩි වේවී. රුපවාහිණී විතරක් නෙවෙයි ගුවන් විදුලි සේවාවන් පවා මේ ඩිජිටල් කරණය තුළින් ලොකු පිම්මක් පනිනවා.
ඒ විතරක් නෙවෙයි. අතේ තියෙන ස්මාර්ට් ජංගම දුරකතනයෙන් පවා අපට සාමාන්‍ය විදිහට රූපවාහිනිය නරඹන්න පුළුවන් වෙයි.
රුපවාහිණි ඩිජිටල් කරණය පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී ආරම්භ කිරීමේ මූලික වැඩකටයුතු පටන් ගත්තත් යහපාලන යුගයේදී මේ ලෝකේ නැති ප්‍රශ්න ඇද ගනිමින් මේ ව්‍යාපෘතිය පස්සට ඇද්දා. නමුත් වත්මන් පාලනය යටතේ මේ ව්‍යාපෘතිය ජපානයේ ජයිකා ආයතනය සමඟ වේගවත්ව සිදුකෙරුණා. මේ වන විටත් මෙරට රූපවාහිනී ක්ෂේත්‍රය ඩිජිටල් කරණය වෙනුවෙන් වත්මන් රජය වැඩ කටයුතු ආරම්බ කරල ඉවරයි..මේ වන විටත් නව ඩිජිටල් රූපවහිනී කුළුණු ඉදිකිරීම පවා ඇරඹිලා..
කෙසේ නමුත් මේ නවතම රූප්වහිනි ඩිජිටල් කරණ අත්දැකීම ලබන්නනම් ඒ තක්කෂණයට ගැලපෙන රූපවාහිණී, රේඩියෝ, ජංගම දුරකතන අවශ්‍ය වෙනවා.. ඒ කියන්නෙ පරණ ඒවායෙන් බැහැ කියන එක නෙවෙයි. පරණ එකට අලුතෙන් සම්බන්ධ කරගන්න වෙනම උපකරණ තියෙනවා.. ඒ නිසා මේ ඩිජිටල්කරණය නිසා පරණ රූපවාහිනිය විසි කරන්න වෙයි කියලා එහෙම බයක් තියාගන්න අවශ්‍ය නැහැ.
නව ඩිජිටල් තාකෂණය කියන්නේ හැම දෙයකටම අලුත් අපූර්ව විසඳුම් ඉදිරිපත් කරනන් පුළුවන් අවස්ථාවක්. ඉතින් හෙට දවසේ ඩිජිටල්කරණය ජීවිතවලට අලුත් අත්දැකීමක් කරගනන් ලැහැස්ති වෙමු.
-the novemberist