සංචාරක කර්මාන්තයට නව එළියක් ! Featured

Monday, 27 December 2021 11:17

මෙරට ආර්ථිකයට විශාල සවියක් වී තිබූ සංචාරක කර්මාන්තයට පහුගිය අවුරුදු කිහිපයේ දී විවිධ බාධක එල්ල වුණා.

2019 වසරේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයත් සමග මෙරට සංචාරක කර්මාන්තය විශාල පසුබෑමකට ලක් වුණා. නැවතත් සංචාරක කර්මාන්තය ගොඩනැගෙමින් තිබෙන මොහොතකයි ගෝලීය කොවිඩ් වසංගතයක් ව්‍යාප්ත වුණේ.

ඒත් මේ සියලු බාධක මධ්‍යයේ මෙරට සංචාරක කර්මාන්තය ආයෙත් පණ ගැන්වෙමින් තිබෙන බව කියන සුබවාදි බලාපොරොත්තුව අපට ගෙනත් දෙන්නේ මේ දිනවල ලංකාවට එමින් ඉන්න විදෙස් සංචාරකයෝ.

පසුගිය දින 21 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පනස්තුන් දහස් තුන්සිය හැට තුනක්. මේ වසරේ මුල් මාස කිහිපය හා සැසදීමේ දී මෙය ක්‍රමානුකූල වර්ධනයක් බව සංචාරක අමාත්‍යංශය පවසනවා. ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, කසකස්තානය, මාලදිවයින සහ යුක්රේනය යන රටවලින් වැඩි වශයෙන් සංචාරකයන් මෙරටට පැමිණ තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව හතලිස් හතර දහස් දෙසිය අසු හතරක්.

ඔක්තෝම්බර් මාසයේ දී විසි දෙදහස් හත්සිය හැත්තැවකුත්, සැප්තැම්බර් මාසයේ දී දහසය දහස් තිස් පහක් ලෙසත් සංචාරකයන් පැමිණ තිබෙනවා. ඒ අනුව 2021 වර්ෂයේ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව එක් ලක්ෂ පනස් අට දහස් හත්සිය හතලිස් පහක්. කොරෝනා වසංගතයේ ආරම්භයත් සමග 2020 වර්ෂයේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව පන් ලක්ෂ හත්දහස් හත්සිය හතරක්. ඇමරිකා ඩොලර් මිලියන 682 ක ආදායමක් එම වසරේ දී ලබාගෙන තිබෙනවා. කොරෝනා වසංගතය ව්‍යාප්තවීමත් සමග සංචාරක සීමා පැනවීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වුණා.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2025 වසර වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 10 ක ආදායමක් අපේක්ෂාවෙන් සංචාරකයන් මිලියන 7 ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මක වනවා. කොරෝනා ව්‍යසනයට පෙර පැවති ඍජු ගුවන් ගමන් සේවා තිස් පහක් පැවතුණත් මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ඉන් 25 ක් පමණයි.

එය යථා තත්ත්වයටපත් කිරීමේ වැඩසටහන් ද මේ වනවිට ක්‍රියාත්මකව පවතිනවා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ අනුව නව සංචාරක ආකර්ශනීය ස්ථාන 6000 ක් හදුනාගෙන තිබෙනවා. 2022 වසර නරඹමු ශ්‍රී ලංකා තේමාවෙන් සංචාරක ප්‍රවර්ධනීය වසරක් ලෙස නම් කර තිබෙනවා.

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us