ඉදිරි වසර තුන තුළ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරනවා -ජනපති

Published in පුවත්
Tuesday, 28 December 2021 11:42

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සමග ඊයේ (27) පැවති සාකච්ඡාවේදීය.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ සිය ධුර කාලයෙන් පළමු වසර දෙක කොවිඩ් වසංගතය වෙනුවෙන්ම කැපකිරීමට සිදුවුව ද තමා භාරගත් සියලු වගකීම් ඉතිරි වසර තුනේදී ඉටුකරන බවය. රට තුළ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.

වත්මන් පොහොර ගැටලුව පිළිබඳ පුවත්පත් කතෘවරුන් කළ විමසීමේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බවය.

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම එම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
තමා බලයට පත්වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක් තිබූ බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

නමුත් කොව්ඩ් අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය, අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම තුළ ඇති වු විදේශ ප්‍රේෂණ අඩුවීම එම විදෙස් සංචිත පහළ බැසීම සඳහා දැඩි බලපෑමක් කළ බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශක්තිමත් විදෙස් සංචිත ඇති සංවර්ධිත රාජ්‍යක ආර්ථිකයට කොවිඩ් නිසා ඇති වන බලපෑමට වඩා ශ්‍රී ලංකාව තුළ මතුවූ තත්ත්වය වෙනස් බව ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

නමුත් තත්ත්වය හැකි තරම් පාලනය කර ගැනීම සඳහා ආනයන නතර කිරීම ඇතළු පියවර රැසක් ගත් බවත්, ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

බොහෝදෙනා කතාබහට ලක්නොකළත් ආනයන සීමාකිරීම් හමුවේ ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට හොඳ මිලක් ලැබීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බව ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන්ම තමා ධුරය ආරම්භ කළ පසු විදේශ ණය ලබාගනිමින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වූවත් ඊට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රමාණවත් සහයක් නොලැබෙන බවත්, ජනාධිපතිවරයා කියාසිටියේය.

ඇතැම් රාජ්‍ය ආයතනවලට ලේකම්වරු, සභාපතිවරු පත්කිරීමේදී උගත්කම මෙන්ම දේශපාලන ධාරාව පිළිබඳ අවබෝධයක් ඇති සමතුලිත පිරිසක් පත්කිරීම වැදගත් බව ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු සඳහන් කළේ තමා පත්කළ ඇතැම් නිලධාරීන් උගත්කම අතින් පරිපුර්ණ වුවත් රාජකාරී කිරීමේදී යම් දුරස්ථභාවයක් දක්නට ලැබෙන බවය.

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සිය ධුරකාලයේ මුල් වසර දෙකම වැය වුවද ඉතිරි වසර තුනේදී ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු වගකීම් ඉටුකරන බව ජනාධිපතිවරයා පුවත්පත් කතෘවරුන් හමුවේ කියා සිටියේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us