කාති උසාවි තහනම් කරන්නැයි මුස්ලිම් පාර්ශවයෙනුත් ඉල්ලීම් !

Published in පුවත්
Tuesday, 28 December 2021 09:55

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන ලෙස හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබේ.

මුස්ලිම් කාන්තාවන්ට දීර්ඝ කාලයක සිට සිදු වන බලවත් අසාධාරණය දැක මෙම ඉල්ලීම සිදු කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්වුණා. තමා ස්වෙච්ඡාවෙන් අදහස් ලබා දීම සදහා පැමිණි බව සුබයිර් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

අධිකරණ ක්ෂේත්‍රයේ වසර හතලිහක තම සේවා කාලය තුළ ලැබූ කණගාටුදායක අත්දැකීම් සිහිපත් කරමින් මෙම ඉල්ලීම සිදු කරන බවයි ඒ මහතා කියා සිටියේ. මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සහ බහු විවාහ මෙන්ම ආගම කොටස්වලට බෙදාගෙන සංවිධාන පිහිටුවීම තහනම් කළ යුතු බව මොහොමඩ් සුබයිර් මහතා කාර්ය සාධක බලකාය හමුවේ අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ජීවත්වෙන ජනවාර්ගික කණ්ඩායම් අතරින් මුස්ලිම් ප්‍රජාව සතු විශේෂ අයිතිවාසිකමක් ලෙස ඇතැමෙක් 'ක්වාසි' උසාවි නොහොත් කාති අධිකරණ ආයතන හදුන්වයි. මෙය කාලාන්තරයක් සාකච්ඡාවට ගනු ලබමින් සහ යටපත්වෙමින් පවතින මාතෘකාවක් බවට පත්ව ඇත.

එම නිසාම ශ්‍රී ලංකාව තුළ කාති උසවිත්, බාලවයස්කාර මුස්ලිම් විවාහත් තහනම් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගිය කාලය තුළ ප්‍රකාශයක් ද සිදු කර ඇත.
කෙසේවෙතත් කාති උසාවි තහනම් කළ යුතුම දෙයක් බවට පත්වී ඇත්තේ මුස්ලිම් කාන්තාවට මෙම උසාවි ක්‍රමය මගින් දැඩිව අසාධාරණයක් සිදුවන බැවිනි. මෙය තහනමට ලක් කිරීම කිසිසේත්ම යම් ආගමික විශ්වාසයකට එරෙහිව ගන්නා පියවරක් ලෙස පටු කල්පනාවලට යෑම නොවිය යුතුය. ශිෂ්ඨ සම්පන්න, නීතිගරුක, ජන සමාජයක් ගොඩනැංවීම වෙනුවෙන් ගන්නා පියවරක් ලෙස මේය තේරුම් ගත යුතුය.

'' එක රටක් එක නීතියක්'' යන සංකල්පය හදුන්වා දෙමින් වත්මන් රජය මුළු දේශයටම එක හා සමාන නීති පද්ධතියක් තුළින් රට සෞභාග්‍ය කරා ගමන් කරවීමට දරණ උත්සාහයට සියලු ජන වර්ගයාගේද සහය හිමිවිය යුතුව ඇත.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us