subash
අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස15 වන දින ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිදුකළ කතාව සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ජොන්ස්ටන්ගේ කතා ඇහුවාම අපේ ඇඟට ලේ උනනවා යැයි පවසමින් එය අගේකර තිබිණි.
වාමාංශික සහෝදරවරුන්ගේ උත්තම ගුරුවරයා වන මහා දාර්ශනික කාල් මාක්ස් සිය මතවාදී පදනම ගොඩනැගීම සඳහා යොදා ගත් එක් මූලධර්මයක් වූයෙ දයලෙක්තික (අපෝහක) භෞතිකවාදයයි. මෙය සරලව පැහැදිලි කොළොත් පවතින් දෙය සහ එහිම විරුද්ධ දෙය සමඟ වන ගැටුමකින් පසුව පවතින දෙයත් විරුද්ධ දෙයත් නොවන වෙනත් දෙයක් බිහිවන බවය. ඒ බිහිවන දෙය යළිත් එහිම විරුද්ධ අන්තයක් සමඟ ගැටේ..එය නිරන්තරයෙන් සිදුවීම ලෝකයෙහි පැවැත්ම වෙයි.
විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවක් බවට පත් කෙරේ !
විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවක් බවට පත් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම සේවා සංවෘත සේවාවක් බවට පත් කර ඇත්තේ.
වාසනාව කියන වචනයට පිටු පා තම උත්සාහය ,කැපවීම ,අධිෂ්ඨානය මත පමණක් ක්‍රියාකරමින් අද මෙරට ආර්ථිකයට පවා දායකත්වයක් සපයමින් සුවහසක් මිනිසුන්ට රැකි රක්ෂා ලබා දෙන අතරම සත් ක්‍රියාවන් ගැනිය නොහැකි ප්‍රමාණයකට දායකත්වය සපයපු ඇවන්ට්ගාර්ඩ් සමාගම අද තෛයිපොංගල් දිනය වෙනුවෙන් තවත් සත් ක්‍රියාවක් සිදු කර තිබේ...
"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ගෙන ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සෑම වසරකදීම සමරනු ලබයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල අදියර ii හෙට ජනතා අයිතියට
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ( ඇතුගල්පුර පිවිසුම ) ජනවාරී 15 වන දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් හෙට (15) දින ජනතා අයිතියට පත් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණ සේවා කටයුතු සිදුකරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
ණය රැගෙන සැපට ජීවත් වූ යුගයක අවසානය සනිටුහන් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ පවතින කේන්ද්‍රීය අභියෝගය වන්නේ විදේශ විනිමය උපදවාලිය හැකි පිරිස බලගැන්වීම බවත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නුගේගොඩ - කොහුවල මංසංදි ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට පිළියම් ලෙස හංගේරියානු රාජ්‍යයේ මූල්‍යාධාර මත ඉදිකෙරන කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීමේ කටයුතු නිලවශයෙන් මුල්ගල තබා ආරම්භ කිරීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහ හංගේරියානු රජයේ වෙළඳ හා විදේශ කටයුතු අමාත්‍ය පීටර් සියාටෝ (Peter Szijiarto)ගේ ප්‍රධානත්වයෙන් අද දින කොහුවල මංසන්ධියේ දී සිදු කෙරිණි.
