විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවක් බවට පත් කෙරේ !

Published in පුවත්
Saturday, 15 January 2022 19:59

විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවා සංවෘත සේවාවක් බවට පත් කර තිබෙනවා. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි මෙම සේවා සංවෘත සේවාවක් බවට පත් කර ඇත්තේ.

පසුගිය කාලයේ ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති වර්ජන සහ විරෝධතා ක්‍රියාමාර්ගවලදී ද මෙම සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබුණා.

2021 අගෝස්තු 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ විදුහල්පති, ගුරු උපදේශක සහ ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් වන බව අදාළ ගැසට් නිවේදනයෙන් සදහන් වනවා. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

පත්කිරීම්, උසස් කිරීම්, විනය, ස්ථාන මාරු සහ අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවාවන් සදහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බලපැවැත්වෙන බවයි අදාළ ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

- පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us